කොරෝනා වසංගතය හේතූවෙන් මේ වන නවතා දමා ඇති අධිකරණ කටයුතු අද (20දා) යළි ආරම්භ කිරීම සඳහා අධිකරණ සේවා කොමිෂන් සභාව චක්‍රලේඛණයක් මඟින් සියළුම විනිසුරුවරුන්ට හා අධිිකරණ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.
මහාධිකරණ, සිවිල් අභියාචන මහාධිකරණ, වාණිජ මහාධිකරණ, දිසා අධිකරණ, මහෙස්ත්‍රාත් අධිකරණ සහ කම්කරු විනිශ්ච සභා වලට බලපැවැත්වෙන පරිදි අදාළ චක්රලේඛණය මඟින් උපදෙස් ලබාදී ඇත.
සිවිල් අභියාචන මහාධිකරණ, වාණිජ මහාධිකරණ, දිසා අධිකරණ, සහ කම්කරු විනිශ්ච සභා වල විමසීමට නියමිතව තිබු නඩු දිනයන් යළි යතාවත් කරන ලෙසත් එලෙස යතාවත් කළ දිනයන් අධිකරණ දැන්වීම් පුවරුවේ ප්‍රදර්ශනය කරන ලෙසත් උපදෙස් ලබාදී ඇති අධිකරණ සේවා කොමිසම විමසීමට නියමිතව තිබු නඩු දිනයන් යළි යතාවත් කිරීමේදී ජුනි මස 30 වැනිදාට පෙර දින යොදා ගැනීමට සැළකිලිමත් වන ලෙසද උපදෙස් ලබාදී ඇත.
මහාධිකරණ සහ මහෙස්ත්‍රාත් අධිකරණ වලට ඇප ඇයැදුම් ඉදිරිපත් කොට ඇති නඩු ලබන 23 සහ 24 වැනි දිනවල කැඳවන ලෙසත් මෙම තත්වයන් පිළිබඳව තම අධිකරණ බලප්‍රදේශයේ කටයුතු කරන නීතීපති දෙපාර්තමෙන්තුවේ සහ නීතීඥ සංගමයේ නීතීඥවරුන් සමඟ සම්බන්ධීකරණය පවත්වා ගන්නා ලෙසත් උපදෙස් ලබාදී ඇති අධිකරණ සේවා කොමිසම ඇප තැන්පත් කිරීමට හා ඇප කොන්දේසි සපුරා ගැනීමට නොහැකිව රිමාන්ඞ් බාරයේ පසුවන සැකකරුවන්ට ඇප තැන්පත් කිරීමට හා කොන්දේසි සැපීරීමට හැකිවන ආකාරයෙන් කටයුතු කරන ලෙසටද උපදෙස් ලබාදී ඇත.
ඇප දුන් හා මුදාහළ සැකකරුවන් සම්බන්ධයෙන් සංඛ්‍යාලේඛණ තබාගන්නා ලෙස විනිසුරුවරුන්ට උපදෙස් ලබාදී ඇති අධිකරණ සේවා කොමිසම අවම කාර්ය මණ්ඩලයක් මඟින් මෙම කටයුතු කරගැනීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස අධිකරණ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.