කොළඹ වරාය නගර විශේෂ ආරථික කොමිසන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ජන්දය විමසන අවස්ථාවේදි සිදුවු දෝෂය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා ජන්දය ප්‍රකාශ වු නිවරැදි ආකාරය ගැන ජනතාව දැනුවත් කරන්නැයි තමා කතානායකවරයාගේන් ඉල්ලා සිටි බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පැවසීය.
පනත් කෙටුම්පත ජන්දය ලබාගෙන එය ගණනය කරන අවස්ථාවේදි කුමන හේතුවක් නිසා හෝ පනතට පක්ෂව දුන් තමාගේත් ජයරත්න හේරත් මන්ත්රිවරයාගේත් ජන්දය නිවරැදිව ගණනය වි නොතිබු බවත් එය නිවරැදිව ගණනය වුයේ නම් පනත් කෙටුම්පතට තුනෙන් දෙකක බහුතරයක් හිමිවන බවත් අධිකරණ ඇමතිවරයා පැවසීය.