හුංගම පොලිස් වසමේ රන්න නගරය ආසන්නයේ අද 17 වනදා පෙරවරු 7.40 ට පමණ මොටර් රථයක් පුද්ගලික මගී ප්රවාහන බස්රථයක ගැටීමෙන් සිදුවූ රිය අනතුරින් මොටර් රථය ධාවනය කරමින් සිටි වයස අවුරුදු 33ක තරුණයෙකු මියගොස් තිබේ .
අදාළ මොටර් රථය රන්න වාඩිගල ප්රදේශයේ සිට තිස්ස මාතර ප්රධාන මාර්ගයේ ධාවනය කරමින් තිබී ඇති අතර බස් රථය තිස්සමහාරාම ප්රදේශයේ සිට මාතර දක්වා ධාවනය කරමින් තිබියදී මෙම අනතුර සිදුව තිබේ .
අනතුරින් පසු මොටර් රථයේ රියදුරු එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර අනතුරට හේතුව මොටර් රථය දකුණට බරව ගමන් කිරීම හා වාහන දෙකේම අධික වේගය බව අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන හුංගම පොලිසියේ රථවාහන අංශය කියා සිටි .
අනතුරින් මෙසේ මියගොස් ඇත්තේ කහදාව රන්න ප්රදේශයේ පදිංචි කට්ටිකාර බදනගේ මුදිත් ප්රසන්න නමැති විවාහක එක් දරු පියෙකු වන අතර ඔහු වාඩිගල ඇගලුම් කම්හලක කළමනාකරුවෙකු වන අතර සේවා නිමවී නිවසට යමින් සිටියදී මෙම අනතුරට ලක්වී තිබේ .