අධි අවදානම් කලාපවල පදිංචිව සිටින පවුල් වෙනුවෙන් ආරක්ෂිත ස්ථානවල නිවාස දසදහසක් ඉදිකිරීමට කටයුතු කරන බව ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සඳහන් කරයි. පෙරසවි නිවාස වශයෙන් සකස් කර ජනතාවට ලබාදීමට කටයුතු කරන බවද පවසා සිටියේය.
මෙම එක් නිවසක් සඳහා රුපියල් ලක්ෂ 12ක මුදලක් හා ඉඩම මිලදී ගැනීමට රුපියල් ලක්ෂ හතරකුත් වශයෙන් වෙන් කරන බවද කියා සිටියේය. කඳු මුදුන්වල අධිඅවදානම් කලාපවල ජීවත්වන පුද්ගලයන් හඳුනාගෙන තිබෙන බවත් මෙම පිරිසට අවශ්‍ය නිවාස ඉදිකිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙන බවද සඳහන් කළේය.
කඩිනම් ව්‍යාපෘතියක් ලෙස මෙම නිවාස දසදහස සකස් කර ජනතාවට භාරදීමට සැලසුම් කර තිබෙන බවත් නිවාස සකස් කළ පසු හඳුනා ගත් අවදානම් කලාපවල සිටින පිරිස් ඉවත් කරන බවද පවසා සිටියේය.