අද දිනයේත් (17දා) පස්වරු 2 න් පමණ පසු දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ප්‍රභල අකුණු සමග ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව හා බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ක පමණ තද වර්ෂාපතනයක්ද, උතුරුමැද, වයඹ හා නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50ට වැඩි තරමක වර්ෂාපතනයක්ද ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.