බේරුවල කොරෝනා ආසාදිත රතු අවදානම් කලාපය තුළින් පූනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යැවූ පුද්ගලයන් 219 ක් අතුරින් අද (22දා) තවත් පුද්ගලයන් 11 දෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස තහවුරු වී ඇතැයි බේරුවල ප්‍රාදේශීය ලේකම් චතුර මල්රාජ් මහතා පැවසීය.
අද (22දා) දින හමුවූ කොරෝනා රෝගීන් 11 දෙනාට අමතරව මෙයට දින හතරකට පෙරද බේරුවලින් යැවූ පිරිසෙන් 17දෙනෙකු ආසාදිතයන් ලෙස හමුවී ඇති අතර අද වන විට බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වසම් 10 ක පදිංචිකරුවන් අතරින් කොරෝනා ආසාදිතයන් 47 දක්වා ඉහළ ගොස් ඇතැයි ප්‍රාදේශීය ලේකම්වරයා සඳහන් කළේය .
මේ අතර කළුතර දිස්ත්‍රික්කයේ වැඩිම කොරෝනා ආසාදිතයින් හමුවී ඇත්තේ බේරුවල බවත් කළුතර දිස්ත්‍රික්කයේ සමස්ත රෝගීන් සංඛ්‍යාව 56ක් වන බවත් හෙතෙම කීය.
අලුත්ගම තුසිත කුමාර ද සිල්වා