අද (24) දින වාර්තා වු නව කොරෝනා ආසාදිතයින් 28 දෙනාම කුවේට් වල සිට පැමිණි පිරිසක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
එම ආසාදිතයින් 5 දෙනෙකු කුවේට්වලින් පැමිණ ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටින පුද්ගලයින් වන අතර අනෙක් 23 දෙනාද කුවේට් වල සිට පැමිණි මින්නේරිය නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක් වෙමින් සිටින පිරිසකි.
එම පිරිසත් සමඟ මෙරට ආසාදිතයින් ගණන 1117 දක්වා ඉහළ ගොස් ඇති අතර 674 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබේ.
434 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ගනිමින් සිටියි.