උත්සව සමයේ ඉහළ යා හැකි රිය අනතුරු සහ සාප්පු සවාරි යාමෙන් පැතිර යා හැකි කොවිඩ් රෝගය පාලනය කිරිම සඳහා මුළු දිවයිනම ආවරණය වන පරිදි විශේෂ පොලිස් මෙහෙයුම් අද (10) දිනයේ සිට ක්‍රියාත්මක වන බව මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.
මේ සඳහා නිල ඇදුමෙන් සැරසුණු සහ සිවිල් ඇදුමින් සැරසුණු පොලිස් නිලධාරින් යොදා ගැනිමට බලාපොරෝත්තු වන බව ඔහු පැවසීය.
විශේෂයෙන් මහජනතාව බහුලව ගැවසෙන සාප්පු සංකිර්ණ අවට සිවිල් ඇදුමෙන් සැරසුණු පොලිස් නිලධාරින් යොදවා කොවිඩ් මර්දන රිති උල්ලංඝනය කරන පුද්ගලයින් නීතියේ රැහැනට හසුකර ගැනිමට බලාපොරොත්තු වන බව ඔහු පැවසීය