විදුලිය විසන්ධි කිරීමකින් තොරව අද (10දා) රාත්‍රියේ සිට පාරිභොගිකයන්ට ලබාදීමට කටයුතු කරන බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
මස්කෙලිය සමන් දේවාලයේ අද (10දා) පැවති විශේෂ ආශිර්වාද පූජාවකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ රවී කරුණානායක මහතා කියා සිටියේ රටේ පවතින විදුලි අර්බුදයට කඩිනමින් විසඳුම් ලබා දීමට මේ රජය කටයුතු කරන බවයි.
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විදුලිය විසන්ධි කිරීම සම්බන්ධයෙන් විවිධ අදහස් ප්‍රකාශ කරන බවත්, එකාබද්ධ විපක්ෂ මගින් විදුලි අර්බුදය සම්බන්ධයෙන් සිදු කරන චෝදනා මේ රටේ ජනතාව පිළි නොගන්නා බවද අමාත්‍යවරයා පවසා සිටියේය.
ලක්ෂපාන ජල විදුලි බලාගාර සංකීර්ණයේ නියෝජ්‍යය සමන්යාධිකාරී සී.ජී.එස්.ගුණසේකර මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
හැටන් රංජිත් රාජපක්ෂ / මස්කෙළිය-ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක