එදා සිද්ධාර්ථ ගෞතමයන් පැලැන්ති වාදයට කළ දේ කිරිමට අද සමගි ජන බලවෙිගය බිහිකල බව හිටපු අමත්‍ය පාඨලි චමිපික රණවක පැවසිය. මාතරදි පැවති ජන හමුවකට සහභාගිවෙමින් හෙතෙම මෙසේ පැවසිය. එහිදි අදහස් පලකල ඒ මෙසේද පැවසිය.
“සමගි ජන බලවෙිගය අපිට හදන්න සිද්ධ වුනේ මෙි රටෙි තියෙන පැලැන්තිවාදය නිසයි. මෙි රටෙි සුදුස්සට සුදුසුතැන නොලැබෙන නිසයි. දැන් බලන්න පොදුජන පෙරමුණ කියන්නේ පක්ෂයක් නෙමෙයි ඒක සංවිධානයක් එක පවුලක ගැටගැහිචිච පවුලේ පක්ෂයක්, ඒකේ දක්ෂතාවයට හැකියාවට තැන නැහැ. එක පැත්තකින් ඉන්නේ පවුලේ අර ජෙෂ්ඨ පවුල් සමාජිකයෝ ටික චමල් රාජපක්ෂ අවුරුදු 78 යි, මහින්ද රාජපක්ෂ අවුරුදු 76 යි, ගෝඨාභය රාජපක්ෂ අවුරුදු 73 යි, බැසිල් රාජපක්ෂ 70 යි, 70 ප්ලස් කටිටිය උඩ ඉන්නේ. ඊට පහලින් ඉන්නේ නාමල්, යෝෂිත , ශශේන්ද්‍ර, නපුන ආදි කටිටිය. මෙිකේ වෙන කාටවත් තැනක් නැහැ. ඩලස්ලා කාංචනලා ගරු ගාමිභිර විදියට කතා කරත් කැබිනටි එකක් හැදුවොත් පෙනේවි ඒ අය ඉන්න තැන. අපි ඔය සෙල්ලමි ඔක්කොම දන්නවා. රාජපක්ෂලා 7 දෙනෙක් අද තරග කරනවා. ඒ අය තමයි කැබිනටි එකේ හැමදෙයක්ම නතුකර ගන්නේ, ඔය රෝඩු ටිකක් වටෙි ඉන්න අයට දෙනවා. මෙි පරණ වලවුවල චින්තය, ඒ අය තමයි බලගතු පවුල කියලා හිතන්නේ” යැයි පැවසිය.
“ එදා සිද්ධාර්ථ ගෞතමයන් ඉංදියාවෙි පහළ වුන වෙලාවෙි බමුනන් කිවුවා මහා බ්‍රහ්මයාගේ මුවෙන් තමයි බමුණු කුලයේ අය පහල වෙලා තියෙන්නේ ,අත්වලින් ක්ෂත්රිය කුලයේ අයත් ,කලව වලින් වෛශ්‍ය කුලයෙ අයත්, දෙපා වලින් ශුද්‍ර කුලයෙ අයත් පහලා වුනා කියනවා. මෙිකට සිද්ධාර්ථ ගෞතමයන් අභියෝග කරා, උන්වහන්සේ කිවුවා කිසිම කෙනෙක් මෙහෙම මුවෙන් පහළ වෙලා නැ, ස්ත්‍රි යෝනියෙන් තමයි සියලු දෙනා පහළ වෙලා තියෙන්නේ , වැඩ කරන විදියෙන් තමයි මිනිසා බ්රාහ්මනද වසලයෙක්ද කියලා තිරණය වෙන්නෙ කියලා, කිවුවා. මෙික තමයි එදා සිද්ධාර්ථ ගෞතමයන් කල විප්ලවය. අද රාජපක්ෂලත් කරගෙන යන්නේ එදා බමුණන් කල වැඩෙි. ඒ අය බ්රහ්මනයාගේ කටින් ආපු අය, අනිත් සියලු දෙනා දෙපා වලින් ආපු අයයි කියලා හිතාගෙන ඉන්නේ. ඒ අයට විරුද්ධව අදහස් දක්වන්න බැහැ. සංගක්කරාද, මහේලද, පාඨලිද කියලා නැහැ ගෙන්වනවා ප්‍රශ්න කරනවා හිරේ දානවා. එදා සිද්ධාර්ථ ගෞතමයන් තරුණ පරමිපරාවට නිදහස ලබා දුන්නාවගේ මෙි රටෙි තරුණ පරපුරට ශක්තිය වෙන්නයි අපි සමගි බලවෙිගය හැදුවෙි ” යැයි රණවක මහතා වැඩිදුරටත් පැවසිය
මහේෂ් මලවර ආරචිචි