අද (19දා) රාත්‍රියේ සිට හෙට හා අනිද්දා දිවයින පුරා වැසි තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එම දෙපාර්තමේන්තුව අද මධ්‍යාහ්න නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි.
මධ්‍යම, සබරගමුව, ඌව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 150ක් දක්වා තද වැසි ඇතිවිය හැකි බව ඔවුන් පෙන්වා දෙයි.
සෙසු ප්‍රදේශවලට ඇතැම් ස්ථානවලට විශේෂයෙන් වයඹ හා උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථාවලට මිලි මිටර් 100ක් දක්වා තද වැසි ඇතිවෙන බවත් එම නිවේදනයේ දැක්වෙයි.