කොවිඩ් ආසාදිතයින්ට සෘජුවම සම්බන්ධ වන ක්ෂේත්ර නිලධාරින් නොසලකා සෘජුවම කොවිඩ් ම්ර්දන වැඩපිළිවෙලට සම්බන්ධ නොවන පුද්ගලයනට පවා කොවිඩ් ප්රතිශක්තිකරණ එන්නත් ලබාදිමට විරෝධය පාමින් සියලුම ග්රාම නිලධාරින් අද (25) රාත්රි 12න් පසු කොවිඩ් පාලන රාජකාරිවලින් ඉවත්ව වෘත්තිය ක්රියාමාර්ගයක නියැලෙන බව ශ්රී ලංකා ග්රාම නිලධාරින්ගේ සංගමයේ සභාපති සුමිත් කොඩිකාර පවසයි.
පළමු,දෙවන සහ තෙවන යන කොවිඩ් ඇලි තුනෙහිම විශේෂ කාර්යයන් රැසක් ඉටුකළ ග්රාම නිලධාරින් කොවිඩ් වෛරස ප්රතිශක්තිකරණ ඒන්නත් ලබාදෙන්නැයි රජයෙන් ඉල්ලිම් කළත් ඒම එන්නත් නොලැබිම මෙම ක්රියාමාර්ග ගැනිමට හේතු වු බව ඔවුහු සඳහන් කරති.