කොරෝනා වෛරසයට ගොදුරුවූ කිසිදු පුද්ගලයෙක් අද (25) දිනයේ මේ දක්වා වාර්තා නොවූ බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.
ලෝකයේ තත්ත්වය හා සැසදීමේදී ශ්‍රී ලංකාවේ තත්ත්වය යහපත් බවත් මෙම ක්‍රමය ඉදිරියට පවත්වා ගෙන යාමට මහජනතාව සෞඛ්‍ය අංශ විසින් ලබා දෙන උපදෙස් පිළිපැදිය යුතු බවයි සෞඛ්‍ය ඇමැතිවරිය කියා සිටියාය.
අද පැවති කොරෝනා මර්දන මාධ්‍ය ක්‍රියාන්විතයට එක්වෙමින් අමාත්‍යවරිය මේ බව පැවසුවාය.