ශ්රී ලංකාවේ 41 වැනි කොවිඩ් මරණය රාගමින් වාර්තා වී තිබේ. රාගම පදිංචි 48 හැවැරිදි පුද්ගලයෙක් නිවසේදී මියගොස ඇති අතර රාගම රෝහලේදී කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඔහු කොවිඩ් ආසාදිතයෙක් බවට හඳුනාගෙන තිබේ.
මෙම පුද්ගලයා දීර්ඝ කාලයක පටන් පිළිකා රෝගී තත්ත්වයකින් පෙලී ඇති අතර එම පිළිකා රෝගී තත්ත්වය කොවිඩ් 19 හේතුවෙන් උත්සන්න වීම මරණයට හේතු වී තිබේ.
මෙය අද දිනයේ වාර්තා වන පස්වැනි කොවිඩ් මරණයයි