කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (19) පෙරවරු 09.00 සිට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ප්‍රධාන සම්ප්‍රේෂණ නල මාර්ගයක අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේය.
අද පෙරවරු 09.00 සිට හෙට (20) අලුයම 03.00 දක්වා කොළඹ 01, 02,10 සහ 12 යන ප්‍රදේශවලට ජල සැපයුම් අත්හිටුවීමට නියමිතය.
එම කාලය තුළ කොළඹ 03, 04, 07, 08 සහ 09 යන ප්‍රදේශවලට ද අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේය.