අද එක්සත් ජාතික පක්ෂයත්, සමගි ජනබලවේගයත් කියන මේ කොට්ඨාස දෙකටම 19 වෙනදාට පෙර නාමයෝජනා භාරදීමට තිබුණත් නාමයෝජනා සකස් කිරීමට, භාරදීමට පවා නොහැකි තත්ත්වයක් බවට පත්වි ඇති බවත් පක්ෂය තුළ ඇති විවිධ අර්බුද හමුවේ සියල්ල අඩපණ වී ඇති බව එයින් පෙනෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.
අද (16) කොළඹ පැවති පොදුජන පෙරමුණේ මාධ්‍ය සාකච්ජාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය,
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අබේගුණවර්ධන මහතා,
“එළඹෙන 25 වෙනදා පැවැත්වීමට නියමිත මහමැතිවරණයේ නාමයෝජනා අත්සන් කිරීමට 95%ක්ම මේ වනවිට නිමාවී තිබෙනවා. එබැවින් පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාට ගෞරවය හා ස්තුතීය පිරිනැමිය යුතුයි.
විශේෂයෙන් අප පක්ෂයේ නාමයෝජනා සකස් කිරීමේදී සියලූ දිස්ති‍්‍රක්ක ආවරණය වන අයුරින් පාර්ලිමේන්තුව නියෝජනය කරපු හිටපු අමාත්‍යවරුන් ,මන්තී‍්‍රවරුන්, නිතීවේදීන්, ගුරුවරු, වෙද්‍යවරුන් ,කලාකරුවන්, රණවිරුන් හා පුරවැසි සංවිධාන නියෝජිතයන් යන සියලූ ක්ෂේත්රයන්ගෙන් සමන්විත වනවා. එය මෙවර මැතිවරණයේ නව මුහුණුවරක්ගෙන තිබෙනවා.
එදා නාමයෝජනා අත්සන් කිරීමට පිරිස් පැමිණියේ බස්පිටින්, සාමකාමී අයුරින් සිදුකරන්න හැකි හිතකර ඉඩප්රස්ථාව අප සමඟ ඒකාබද්ධ වු සියලූම පක්ෂත් සමඟ කටයුතු කරන්න අපිට හැකි වුනා.
නමුත් අද එක්සත් ජාතික පක්ෂයත්, සමගි ජනබලවේගයත් කියන මේ කොට්ඨාස දෙකටම 19 වෙනදාට පෙර නාමයෝජනා භාරදීමට තිබුණත් නාමයෝජනා සකස් කිරීමට, භාරදීමට පවා නොහැකි තත්ත්වයක් බවට පත්වෙලා. පක්ෂය තුළ ඇති විවිධ අර්බුද හමුවේ සියල්ල අඩපණ වී ඇති බවයි පෙනෙන්නේ. යම් අවස්ථාවෙලදී එක්සත් ජාතික පක්ෂයේ නාමයෝජනා අත්සන් කළ අය සමගි ජනබලවේගයේ අත්සන් කරන තත්ත්වයට පත්වෙලා.
මේ අතරේ සජිත් පේ‍්‍රමදාස මහතා උත්සහකරන්නේ මෙම වෛරසය හරහා තමන්ගේ දේශපාලන බංකොලොත්භාවයයට පත් කරන්න. සජිත් පේ‍්‍රමදාස මහතා දැන් අහනවා මෙම වෛරසය මැඩළන්න මේ ආණ්ඩුව මොනවාද කළේ කියලා. රජය මීට හොඳ වගකීමකින් කටයුතු කළා. නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවලා විදේශයෙන් පැමිණෙන පුද්ගලයෙන් ගුවන්තොටුපළෙන් පැමිණෙත්ම, දින 14ක නිරෝධායනයට ලක් කිරීම පෙන්වා දෙන්න පුළුවන්. පරික්ෂණවලට භාජනය කිරීම හරහා රෝගී ලක්ෂණඇත්තවුන්සොයාගෙනපැතිරීම වැළැක්වීමටකටයුතු කිරීමරජයට, සෞඛ්‍ය අංශයන්ට හා ති‍්‍රවිධ හමුදාවන්ට හැකි වුනා. මෙවැනි සේවාවක් පැය 24 පුරා කි‍්‍රයාත්මක වීම තුළ වෛරසය වැළැක්වීමටයි මේ රජය කටයුතු කළේ. දැන් චීනයේ මේ තත්වය පහව යමින් තිබෙන්නේ.
ඊයේ දිනයේ සාක් කලාපීය රටවල් වල ජනාධිපතිතුමන්ලා හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිදුන්ගේ ද සහභාගීත්වයෙන් පැවතී හමුවේදී මේ තත්වය මැඩලීමටත්, ආර්ථික සංවර්ධනයට අවශ්‍ය සහාය ආදි පියවරයන් සම්බන්ධයෙන් සාකච්ජා කළා.
එදා යහපාලන ආණ්ඩු සමයේ කුණුකදු කඩාවැටිලා, සලාව යුධහමුදා කඳවුරේ සිද්ධීයෙන් පිඩාවට පත්වු පිරිස වෙත මේ වනතුරුත් වන්දියක් හෝ නිවසක් ලබාදීමට හැකියාව ලැබී නැහැ. එහෙම අතීතයක් තියාගෙන එජාපය අද මෙවැනි චෝදනා කරන්නේ. සජිත් පේ‍්‍රමදාස මහතා කියනවා මැතිවරණය කල්දමන්න කියලා. ඒ තුළින් පෙනීයනවා එතුමාගේ පරාජයේ සුදානම බව කියන්න කැමතියි” යැයි අබේගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කරයි.