අත්‍යාවශ්‍ය සේවා කාර්යක්ෂමව අඛණ්ඩව පවත්වාගෙන යෑමට උපදෙස්
කොරෝනා වෛරසය ව්‍යාප්ත වූ ඉකුත් සමය මෙන් මෙවරද අත්‍යාවශ්‍ය සේවා කාර්යක්ෂමව, විධිමත්ව සහ අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බව ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකාය රාජ්‍ය නිලධාරීන්ට දැනුම් දී තිබේ.
නිවෙස්වලම නිරෝධායනයට යොමුකරන පවුල් සඳහා සති දෙකකට සරිලන බඩුමල්ලක් ලබාදීමට උපදෙස් ලබාදුන් බවයි එම කාර්ය සාධක බලකාය පැවසුවේ.
ඒ අනුව දිසාපතිවරුන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ග්‍රාම නිලධාරීන් සහ ආරක්ෂක අංශවල සහයෝගය ලබා ගනිමින් එම කටයුත්ත ක්‍රමානුකූලව සිදු කරන ලෙසටයි එහි සභාපති බැසිල් රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ.
මේ අතර ණය වාරික සඳහා සහන කාලයක් ලබාදීම සම්බන්ධයෙන්ද අරලියගහ මන්දිරයේදී රාජ්‍ය නිලධාරීන් සමග පැවති සාකච්ඡාවේ එම කාර්ය සාධක බලකායේ අවධානය යොමුවී තිබේ.
සතියක් පුරා සම්පූර්ණයෙන්ම වසාදැමුණු ප්‍රදේශ සඳහා රුපියල් 5000ක මුදල ලබාදීමට මෙහිදී තීරණය වූ බවද එම කාර්ය සාධක බලකාය පැවසුවා.
කොරෝනා වෛරසයෙන් අවදානමට ලක්විය හැකි වැඩිහිටි ජනතාව රැකගැනීම සඳහා සියලු පියවර ගන්නා ලෙසත් මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බවද එම කාර්ය සාධක බලකාය සදහන් කරයි.
popular news
-
Wimale Wednesday, 28 October 2020 08:56 AM
C I A Basil Rajapaksha anagatha agamathi.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

