අත්අඩංගුවට ගත් නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනාට ඇප
වැල්ලම්පිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් කොළොන්නාව නගර සභාවේ මන්ත්‍රීවරු දෙදෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර තිබේ.
වී අලෙවි මණ්ඩලයේ රජකාරී සඳහා වෙන් කරතිබූ යන්ත්‍රයක් සොරකම් කොට විකුණූ බව කියන සිද්ධියකට සැකපිට එම මන්ත්‍රීවරු දෙදෙනා ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය සැකකරුවන් 4 දෙනා ඇප මත මුදාහැරීමට නියම කළේය.
වැල්ලම්පිටිය පොලීසිය මගින් අත්අඩංගුවට ගත් එම සැකකරුවන් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් බණ්ඩාර නෙළුම්දෙණිය මහතා හමුවට ඉදිරිපත් කර තිබුණි.
පොලීසිය සඳහන් කළේ 2014 වසරේ කොලොන්නාව නගර සභාව හා කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශය අතර ඇතිවූ එකඟතාවක් අනුව වී අලෙවි මණ්ඩලය කටයුතු සඳහා වෙන් කර තිබූ යන්ත්‍රයක් මෙම සැකකරුවන් විසින් නීතිවිරෝධී ලෙස විකුණා ඇති බව විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇති බවය.
මෙම යන්ත්‍රය විකුණා රුපියල් 171,000 ක මුදලක් ලබාගෙන ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

