අතුරුගිරිය ප්‍රාදේශීය රෝහලේ පැය කීපයක් ප්‍රතිකාර ලැබූ රෝගියකුට කොවිඩ් 19 වෛරසය ආසාදිත වී ඇති බවට වෛද්‍ය වාර්තා මගින් අනාවරණය වීමත් සමඟ එම රෝහලට රෝගීන් ඇතුළත් කිරීම අද 8 සිට තාවකාලිකව අත්හිටවූ බව අතුරුගිරියේ ප්‍රාදේශීය රෝහලේ ආයතන භාර වෛද්‍ය නිලධාරී ජේ පි සුබසිංහ මහතා පැවසීය .
ඒ සමගම එම රෝගියා අතුරුගිරිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කරන විට එයින් සිටි වෛද්‍යවරයකූ හෙදියන් හය දෙනෙකු හා කාර්ය මණ්ඩල තිදෙනෙකු ඔවුන්ගේ නිවෙස් වලම නිරෝධායනයට ලක් කිරීමට පියවර ගත් බව වෛද්‍ය නිලධාරිවරයා කීය.
කෙසේ නමුත් දැඩි සත්කාර ඒකකය සහ බාහිර ප්‍රතිකාර ඒකකය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බව වෛද්‍ය නිලධාරිවරයා කීය.
පිහි ඇනුමකට ලක්වූ අතුරුගිරිය පෝරේ ප්‍රදේශයේ පුද්ගලයකු මීට දින කිහිපයකට ඉහත දී අතුරු ගේ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මූලික ප්‍රතිකාර ලබාදිය හෝමාගම මූලික රෝහල වෙත ඇතුළත් කෙරිණි
එහිදී ශල්‍යකර්මයට ලක් කළ එම රෝගියා වාට්ටු අංක තුන වෙත ඇතුළත් කර සිටියදී ලබාගත් ජෛව පටල සාම්පල පි සිආර් පරීක්ෂණයට යොමු කිරීමෙන් අනතුරුව ඔහු කොරෝනා වෛරසය ආසාදිත වූ බවට අනාවරණය විය.