ඉන්දීය ජනතාවට සංචාරක අවදානම් නිවේදනයක් නිකුත් කරමින් අත්‍යවශ්‍ය නොවන සංචාර සඳහා ශ්‍රී ලංකාවට නොයන ලෙස ඉන්දියාව පවසයි.
පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ සංචාරක හෝටල් සහ කිතුණු දේවස්ථාන ඉලක්ක කරගෙන එල්ල කෙරුණු ඉස්ලාමීය අන්තවාදී ප්‍රහාරයෙන් ඉන්දීය ජාතිකයන් කිහිප දෙනෙකුද ජීවිතක්ෂයට පත්විය.
එරට විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කර ඇති මෙම නිවේදනයේ වැඩිදුරටත් කියා ඇත්තේ කිසියම් හදිසි අත්‍යවශ්‍ය කරුණකට ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නේ නම්, ඕනෑම ආකාරයක සහායක් ලබාගැනීමට ශ්‍රී ලංකාවේ කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය, මහනුවර නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය මෙන්ම, හම්බන්තොට සහ යාපනය පිහිටි කොන්සියුලර් කාර්යාලය සම්බන්ධ කරගත හැකි බව පවසා තිබේ.
කෙසේ වෙතත්, මේ වනවිට ශ්‍රී ලංකා රජය රට තුළ ආරක්ෂක තත්ත්වය තහවුරු කිරීමට කටයුතු කරමින් සිටියත්, මේ වනවිටත් පනවා ඇති හදිසි තත්ත්වය සහ ඇඳිරි නීතිය සංචාරකයන්ට අපහසුතා ඇති කළ හැකි බවද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් පවසා තිබේ.