වවුනියාව මාමඩුව ප්රදේශයේ පිහිටි ඉඩමක අත්බෝම්බයක් තිබී ඊයේ (17) දින ප්රදේශවාසියෙකුට හමුවී ඇති බවට මාමඩුව පොලීසිය පවසයි.
අදාළ අත්බෝම්බය ඉතා අබලන් තත්ත්වයේ තිබී ඇති අතර යුද සමයේදී කොටි සංවිධානය විසින් දමා යන්නට ඇති බවට පොලීසිය සැක පල කර සිටියි.
ප්රදේශවාසියෙකු විසින් අත්බෝම්බය දැක ඒ බව මාමඩුව පොලීසියට දැනුම් දීමෙන් පසුව පොලීසිය විසින් වවුනියාව පොලිස් විශේෂකාර්ය බලකායට දැනුම් දීමෙන් පසුව එහි නිලධාරීන් පිරිසක් විසින් අදාළ ස්ථානයට පැමිණ අත්බෝම්බය රැගෙන යාමට කටයුතු කර ඇති අතර අධිකරණ නියෝගයකට අනුව අත්බෝම්බය නිශ්ක්රීය කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පියවර ගෙන ඇත.