ගල්කිස්ස අත්තිඩිය ඉදිගහදෙණිය පාරේ ලදු කැලෑවක තිබී සොයාගත් අති නවීන ගිනි අවි 4 මේ වන විට බන්ධනාගාර ගතව සිටින පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් විසින් පාකිස්තානයේ සිට මෙරටට ගෙන්වූ ඒවා බව බැලූ බැල්මට තහවුරු වී ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසය කියයි
සොයාගත් ගිනිඅවි මීට මාස කිහිපයකට ඉහතදී හොරෙයින් මත්කුඩු කිලෝ 56 ක් සමග මෙරටට රැගෙන ආ ඒවා බව පොලිසිය කියයි
මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීයෙකුගෙන් සිදු කල ප්‍රශ්න කිරීමේදී මෙම වර්ගයේම ගිනි අවියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සොයාගත් අතර ඉතිරි ගිනි අවි 4 මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙක් වන බඩෝවිට රජිත නොහොත් ලොකු නැමැත්තාට ලබා දුන් බව අනාවරණය විය.
ඒ වන විට බඩෝවිට රජිත නොහොත් ලොකු නැමැත්තා බෝට්ටු මගින් ඉන්දියාවට පලාගොස් සැඟවීම හේතුවෙන් එම ගිනි අවි සොයා ගැනීමට නොහැකි විය
එම පුද්ගලයා ලබා දුන් උපදෙස් මත කිසියම් පුද්ගලයෙකු වෙනත් පාර්ශවයක් අතට පත් කිරීම සදහා මෙම ගිනි අවි සහ මැගසින් සහිත බෑගය මෙම ස්ථානයේ තබා යන්න ඇති බව පොලිස් නිලධාරීයෙක් පැවසීය
එම ගිනි අවි 4 හතර මෙම ස්ථානයට රැගෙනවිත් සැඟවූ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා සීසීටීවී දර්ශන ඔස්සේ පරික්ෂණ පවත්වන අතර ඒ අවට පදිංචිකරුවන් ගෙන් ද ප්‍රකාශ ලබා ගැනීමට කටයුතු කරන බව පොලිස් නිලධාරීයෙක් පැවසීය
මීට අමතරව කළුතර ප්‍රදේශයේ පුද්ගලයකු සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇති අතර නවීන තාක්ෂණය උපයෝගී කරගෙන ඔහු සම්බන්ධයෙන් ද සොයා බැලීමට විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇතැයි පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය .
බිමල් ෂ්යාවමන් ජයසිංහ