පාස්කු ප්‍රහාර සිද්ධියට අදාළව තමා අත්අඩංගුවට ගැනීමේ සුදානමක් ඇති හෙයින් එය වළකාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අද (27දා) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළේය.
පාස්කු ප්‍රහාර සිද්ධිය පිළිබද තමා මාධ්‍යයට කළ ප්‍රකාශ පදනම් කරගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රහස් පොලිසිය විසින් තමා අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග යටතේ රදවා තබා ගැනීමට සුදානමක් ඇතැයි කියමින් හිටපු ක්‍රීඩා අමාත්‍යවරයකුද වන හරීන් ප්‍රනාන්දු මහතා මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රෝහණ සෙනවිරත්න, පොලිස්පති සී.ඞී වික්‍රමරත්න, මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර සහ නීතිපතිවරයා වගඋත්තරකරුවන් ලෙස නම් කරමින් නීතීඥ සනත් විජේවර්ධන මහතා මගින් හරීන් ප්‍රනාන්දු මහතා විසින් මෙම පෙත්සම ගොනු කරන ලදී.