යාපනය චුන්නාකම් ප්රදේශයේදී අත්අඩංගුවට ගත් අවා කල්ලි සාමාජිකයින් තිදෙනෙකු දෙසැම්බර් මස 14 වනදා දක්වා බන්ධනාගාරගත කරන ලෙසට යාපනය මල්ලාකම් මහේස්ත්රාත් ඒ.ඇලෙක්ස්රාජා මහතා ඊයේ දින නියෝග කරනු ලැබීය.
චුන්නාකම් පොලීසියට ලැබුණු තොරතුරකට අනුව එහි පොලිස් නිලධාරීන් පිරිසක් විසින් සිදු කරන ලද විශේෂ සෝදිසි වැටලීමකදී අදාළ සැකකරුවන් සමග කඩු 5ක් ,තියුණු ආයුධ කිහිපයක්ද සමගින් අත්අඩංගුවට ගෙන මෙසේ මල්ලාකම් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් චුන්නාකම් ප්රදේශයේ පදිංචි 20 හැවිරිදි රාසේන්ද්රන් ශෂිධරන්, 21 හැවිරිදි කරුණාකරන් සරන්රාජ් සහ 21 හැවිරිදි ගනේෂලිංගම් සුජීවන් නැමති අය මෙසේ අත්අඩංගුවට පත්ව ඇත.
පසුගිය නොවැම්බර් 28 වනදා ආවා කල්ලියේ නායකයා වශයෙන් කටයුතු කල ආශෝකන් නොහොත් අශෝක් කුමාර් යාපනය මල්ලාකම් අධිකරණයට භාර විය.