දිවයිනට බලපා ඇති අඩුපිඩන තත්ත්වය හේතුවෙන් තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාරිතමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
කාලගුණ ව්ද්‍යා දෙපාර්තමෙින්තුව පවසන්නේ මෙම අඩුපීඩන තත්ත්වය දිවයිනට බටහිර දෙසින් (කොමාරින්) ගැඔුරු මුහුදේ ඇතිව තිබෙන බවයි. ඒ හේතුවෙන් වැසි ස්වභාවය හා අහස වලාකුලෙන් බර ස්වභාවය උතුරු නැගෙනහිර හා උතුරු මැද පළාත් වල හා දිවයින අවට මුහුදු ප්‍රදේශවල තවදුරටත් පවතින බව එම දෙපාර්තමේන්තුව පවසයි.
උතුරු නැගෙනහිර හා මධ්‍යම පළාත් වල පැයට මි.මි100ට වැඩි තද වැසි ඇති විය හැකි බවත් මුහුදු අවට සුළගේ වෙගය පැයට කී.මී 30-40 දක්වා වැඩිවිය හැකි බවත් එම නිවේදනයේ දැක්වෙයි.
මෙම තත්ත්වය ඉදිරි පැය 48 තුළදි ඇති විය හැකි බැවින් ධීවර ප්‍රජාව හා නාවුක ප්‍රජාව අවදානයෙන් සිටින ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු හගවයි.
කෂිනි හපුආරච්චි