අඩු පාඩු සහ මගහැරීම් සැලකිල්ලට ගනිමින් කොරෝනා වෛරසය රට තුළ මර්දනයට ගෙන ගිය වැඩපිළිවෙළ සාර්ථක කරගත යුතුව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
රජය වෛරසය මර්දනයට ගත් ක්‍රියාමාර්ග ලොව සියලු රටවල් අභිබවා ඉදිරියෙන් ඇති බව වසංගත රෝග පිළිබඳ ලොව ප්‍රධාන පෙළේ ප්‍රවීණයෙකු වන හොංකොංහි වෙසෙන විශේෂඥ වෛද්‍ය මහාචාර්ය මලික් පීරිස් මහතා පෙන්වා දී ඇතැයි වෛද්‍යවරු පැවසූහ.
ඊට දායක වූ සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ඇතුළු සෙසු සියලු කණ්ඩායම් ඇගයීමට ලක් කළ ජනාධිපතිවරයා එම තත්ත්වය තවදුරටත් ආරක්ෂා කරගනිමින් පවත්වා ගත යුතු බව සඳහන් කළේය. වෛරසය මර්දනයේදී ජනතාව කණ්ඩායම් වශයෙන් ජීවත්වන ප්‍රදේශ සහ විශේෂිත වූ පිරිස් පිළිබඳව පොදු ක්‍රමයෙන් බැහැරව සැලසුම් සකස් කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිතුමා අවධාරණය කළේය.
නාවික හමුදාවේ 997 දෙනෙකු PCR පරීක්ෂණයට යොමු කර ඇත. ඉන් වෛරසය ආසාධිත බවට තහවුරු වී ඇත්තේ 159 දෙනෙකු පමණි. ඔවුන්ගෙන් 80%ක් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්වා නැත. ඊට හේතුව ප්‍රතිශක්තීකරණ හැකියාව බව වෛද්‍යවරු පෙන්වා දෙති.
කොරෝනා කාර්ය සාධක බලකාය අද රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු අණාවරණය විය.