බණ්ඩාරගම අටුළුගම ජනතාව පී. සි. ආර්. පරීක්ෂණ සඳහා ඉදිරිපත් නොවීම හේතුවෙන් දැඩි අර්බුදකාරී තත්ත්වයක් හටගෙන ඇතැයි බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ සභාපති දේවේන්ද්‍ර පෙරේරා මහතා පැවසීය.
ඒ මහතා එසේ පැවසුවේ හුදෙකලා කරන ලද අටුලුගම ඇතුළු ග්‍රාම සේවා වසම් වල බහුතරයක් මුස්ලිම් ජනයා පී. සී. ආර්. පරීක්ෂණ වලට ඉදිරිපත් නොවීම සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.
“කුඩා ඉඩ ප්‍රමාණයක ඉතා විශාල ප්‍රමාණයක ජනතාවක් වෙසෙන අටුලුගම ප්‍රදේශයෙන් පසුගිය දින කීපය තුළ විශාල වශයෙන් කොරොනා රෝගීන් හමු වෙන්න පටන් ගත්තා. අද වන විට හුදෙකලා කරන ලද එම ග්‍රාම සේවා වසම් වලින් රෝගීන් 143 දෙනකු හමුවෙලා තියෙනවා. එම ජනතාව එම ගැටලුවෙන් මුදා ගන්නට නම් කරන්න තියෙන එකම දේ තමයි සෞඛ්‍ය උපදෙස් නිසි අයුරින් පිළිපැදීම, වගේම පී. සී. ආර්. පරීක්ෂණ වලට ඉදිරිපත් වීම.
අටුලුගම ප්‍රදේශයේ ජනතාව පී. සී. ආර්. පරීක්ෂණවලට ඉදිරිපත් නොවීම දැඩි ගැටලුවක් බවට පත්ව තිබෙනවා.
මේ කොරෝනා වසංගතය අටලුගමට පමණක් සීමා වෙච්ච දෙයක් නෙවෙයි මේක මුළු රටටම වසංගතයක් වෙලා. මේ තත්ත්වය දිගින් දිගටම මේ ආකාරයෙන් පැවතිය මේ වසංගතය අටුලුගම ට විතරක් නොවේ රටටම වසංගතයක් වෙන්න පුළුවන්.”
බිමල් ශ්‍යාමන්