බණ්ඩාරගම අටුලුගම මාරාව ප්‍රදේශයේ කුඩා ගොඩනැගිල්ලක පවත්වාගෙන යන කර්මාන්තශාලාවේ (1) අළුයම ඇතිවූ ගින්න, ගිනි තැබීමෙන් සිදුවූවක් බවට අනාවරණය වීමෙන් අනතුරුව එක් පුද්ගලයෙක් (2) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය කියයි
අත්අඩංගුවට ගැනීමට නියමිත තවත් පුද්ගලයකු ප්‍රදේශය හැර පලාගොස් ඇතැයි පොලිස් නිලධාරියෙකු පැවසිය
අත්අඩංගුවට ගත් එම සැකකරු එම කර්මාන්තශාලාවේ සේවකයෙකුගේ මස්සිනා බව පොලිසිය කියයි .
ඉකුත් 28 වැනිදා රාත්‍රියේ අටුලුගම අඹගස් වත්ත ප්‍රදේශයේ නිවසක බජව් වක් පවත්වා ඇති අතර මධ්‍යම රාත්‍රී වනතුරු එය පැවතීම හේතුවෙන් ඒ සම්බන්ධව සැකකරුවන් සහ එම කර්මාන්ත ශාලාවේ සේවය කරන පුද්ගලයෙකු අතර බහින්බස් වීමක් සිදු වී ඇති බව පොලිස් විමර්ශනවලදී විමර්ශනවලදී හෙළිවූ බව පොලිසිය කියයි .
එම අවස්ථාවේදී ගිනි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ අනෙක් පුද්ගලයා එම කර්මාන්ත ශාලාවට ගිනි තබන බවට තර්ජනය කර තිබු බව පොලිසිය කියයි
ගින්න හට ගැනීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් එම සේවකයා විසින් පෙරදින 28 රාත්‍රියේ ඇතිවූ ඇති වූ බහින් බස් වීම සම්බන්ධයෙන් හා ගිනි තබන බවට කරන ලද තර්ජනය සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනාගේ නම් ද සඳහන් කරමින් කරන ලද පැමිණිල්ලක් අනුව සිදු කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව එම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය
එම ගිනි තැබීමෙන් එම කර්මාන්ත ශාලාවේ යන්ත්රසූත්ර සමග සම්පූර්ණයෙන්ම ගිනි ගෙන විනාශ වී වූ බව පොලිසිය කියයි
ප්‍රදේශය හැර ගොස් සිටින පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය