කොරෝනා දෙවැනි රැල්ල ආරම්භ වීමෙන් අනතුරුව බණ්ඩාරගම අටුලුගම ඇතුළු හුදෙකලා කරන ලද ග්‍රාම සේවා වසම් වලින් ගෙවුණු දින 15 තුළ කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 224 දෙනකු වාර්තා වී ඇතැයි බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය නිමේශා රත්නවීර මහත්මිය පැවසුවාය
මේ වන විට කොරෝනා වෛරසය ආසාධිත වී එක් පුද්ගලයෙක් මිය ගොස් ඇත
එම ආසාදිතයන් ඇතුළු සමස්ත බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් ආසාදිත රෝගීන් 303 කූ මේ දක්වා වාර්තා වී ඇතැයි වෛද්‍යවරිය කීය
අටුලුගම ඇතුළු හුදෙකලා කරන ලද ග්‍රාම සේවා වසම් වලින් මුල්ම රෝගීන් සිව්දෙනා වාර්තා වූයේ ඉකුත් මස 15 දිනය .
අටලුගම ඇතුළු අනෙකුත් ප්‍රදේශවල සිදුකළ පි සි ආර් පරීක්ෂණ වල වාර්තා 300 අධික ප්‍රමාණයක් ලැබීමට නියමිතව ඇතැයි වෛද්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය