අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් ආරම්භ කළ විරෝධතාව අවසන් කර විරෝධතාවයේ නිරත වූ රැඳවියන් අද (1) පෙරවරුවේ සිරමැදිරියේ වහලයෙන් බැස ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.
අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් 15 දෙනෙක් “ඒ” සහ“සී” සිරමැදිරිවල වහලය මතට නැඟ පසුගිය 23 වැනිදා විරෝධතාවක් ආරම්භ කළහ.
ඇපිල්කරුවන්ගේ අභියාචනාධිකරණ නඩු කටයුතු ක්රියාත්මක කිරීම,සිවුවස් සමාලෝචනය ක්රියාත්මක කරන ලෙස සහ ඇප ලබා දීම සිදුකරන ලෙස ඉල්ලමින් මෙම රැඳවියන් විරෝධතාවයේ නිරත වූහ.
කෙසේ වුවද “සී” සිරමැදිරියේ වහලය මත සිටි රැඳවියන් දස දෙනා ඉකුත් 26 වැනිදා පස්වරුවේ විරෝධතාව අත්හැර වහලයෙන් බැස තිබූ අතර අනෙක් රැඳවියන් පස්දෙනා පමණක් ඊයේ (30) දින වන විට අටවැනි දිනටත් විරෝධතාවයේ නිරත වෙමින් සිටියහ. කෙසේ වුවද එම රැඳවියන් පස් දෙනාද අද (1) පෙරවරු කාලයේ සිරමැදිරියේ වහලයෙන් බැස තිබූ බව බන්ධනාගාර නිලධාරිහු පැවසූහ.