අඟුණකොලපැල්ස්ස බන්ධනාගාරයේ රැඳවියන්ට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂම විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
එහි වාර්තාව මෙන්ම නිර්දේශ ඉතාමත්ම ඉක්මනින් නිකුත් කරන බව එම කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
මේ වන විටත් අවස්ථා කිහිපයකදී අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයට කොමිෂන් සභාව ගිය බවත් එහිදී ප්‍රහාරයට ලක්වූ රැඳවියන්ගෙන් ප්‍රකාශ ලබාගත් බවත් එම නිවේදනයේ දැක්වෙයි.
එසේම ප්‍රහාරයට ලක්වූ පුද්ගලයන් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමුකරන ලෙසත්, ප්‍රතිකාර අවශ්‍ය අයව අදාළ ප්‍රතිකාර සඳහා යොමුකරවන ලෙස සඳහන් කළ බවත් ඔවුන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.