අගලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය තුළදී ඊයේ පීසීආර් පරීක්ෂණයට භාජනය කළ නාවික සෙබළුන් 21 දෙනාගෙන් සිවු දෙනෙකුට කොරෝනා රෝගය වැලදී ඇති බව වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි කලුතර දිස්ත්‍රික් කොවිඩ් සම්බන්ධීකාරක කලුතර දිස්ත්‍රික් මහා රෝහලේ වෛද්‍ය ක්‍රිශාන් හිරිමුතුගොඩ මහතා පැවසීය .
අගලවත්ත, මතුගම, බේරුවල ,කලුතර ,බුලත්සිංහල ,වලල්ලාවිට ප්‍රදේශවල පදිංචි වැලිසර නාවික කදවුරේ සිට නිවාඩුවට තම නිවෙස් වලට පැමිණි සෙබළුන් මෙලෙස පරීක්ෂණයට භාජනය කෙරිණි .
එම පරීක්ෂණ වලදී බුලත්සිංහල ,අගලවත්ත ,හල්කදවිල ,පයාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ පදිංචි නාවික සෙබළන් සිවු දෙනෙකු ආසාදිතයන් බවට තහවුරු වේ.
එම සෙබළුන්ගේ පළමු ආශ්‍රිතයන් සොයා ඔවුන් ද පීසීආර් පරීක්ෂණයට භාජනය කරන බව වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
බිමල් ෂ්‍යාමන් ජයසිංහ