හොරණ පිහිටි ඇඟළුම් කර්මාන්තශාලාවක සේවකයින්ට කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්තාවීමත් සමග එම ආයතනයට අනුබද්ධ අඟලවත්තේ කැකුළන්ඳල හා පිඹුර පිහිටි ඇගළුම් ආයතනවල සේවකයින් දෙනෙකුගේ අහඹුලෙස ලබාගත් පී.සී.ආර් පරික්ෂණ 50කින් අඟලවත්ත කැකුළන්දල පිහිටි ඇගළුම්හලේ සේවකයින් 03දෙනෙක් පසුගියදා කොවිඩ් ආසාදිතයින් බව තහවුරු විය.
ඒත් සමග අගලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි හා එම ආයතනයේ කළමණාකාරිත්වයේ එකගතාවය මත තවත් සේවකයින් 204 කගේ පී.සී.ආර් පිරික්ෂණ සිදුකළ අතර ඉන් එකේ සිට 130දක්වා පරීක්ෂණ වාර්තා (08දා) ලැබී තිබුණ අතර ඉන් කිසිවෙකුට කොවිඩ් ආසාදනය වී නොතිබුණි කොවිඩ් ආසාදිතයෙකු වාර්ථා නොවිය.
පි.සි.ආර් පරීක්ෂණවලින් වාර්තා 74ක් අද 09දා දහවල් ලැබුණු අතර ඉන් 06දෙනෙකුට කොවීඩ් ආසාදනය වී ඇති බව අගලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය දමින්ද සේනානායක මහතා කියා සිටියේය.
ධනුෂ්ක ලංකා නානායක්කාර