අරලියගහ මන්දිරයේ සේවය කළ නිලධාරීන් සහ සේවකයන් විසින් පරිහරණය කරන ලද භාණ්ඩ භාර ගැනීමට ගිය අග්‍රාමාත්‍ය කාර්යාලයීය නිලධාරීන්ට අරලියගහ මන්දිරයේ රැඳී සිටින පිරිසක් විසින් පහරදී ඇතැයි අග්‍රාමාත්‍ය ලේකම් සිරිසේන අමරසේකර මහතා පැවසීය.
මේ හේතුවෙන් භාණ්ඩ භාර ගැනීමේ කටයුතු අද (31දා) දහවල් 12ට නතර කිරීමට සිදු වූ බවත්, මේ සම්බන්ධව පොලීසියට පැමිණිලි කළ බවත් අග්‍රාමාත්‍ය ලේකම්වරයා සඳහන් කළේය.
මේ වන විට රජයට සම්බන්ධ කිසිදු නිලධාරියෙකු අරලියගහ මන්දිරයේ සේවය නොකරන බවත්, රනිල් වික්‍රමසිංහ මහතාගේ පවුලට සම්බන්ධ නොමැති පුද්ගලයන් කණ්ඩායමක් පමණක් එහි රැඳී සිටින බවත් අමරසේකර මහතා ප්‍රකාශ කළේය.
අරලියගහ මන්දිරයේ ඇති භාණ්ඩ සොරාගෙන යෑමට දැනට රැඳී සිටින පිටස්තර කණ්ඩායමට අවශ්‍ය වී තිබෙන බවත්, ඇතැම් භාණ්ඩ අතුරුදන්ව ඇතැයි වාර්තා වන බවත් පැවසූ ලේකම්වරයා, ඒ සම්බන්ධවද පොලීසියට පැමිණිලි කළ බවද පවසා සිටියේය.