අගමැති හෝ සෞඛ්‍ය ඇමති CID ගෙනියනවා
කොරෝනා සඳහා විදේශයෙන් ලැබු මුදල් හා භාණ්ඩ සමිබන්ධව අගමැති මහින්ද රාජපක්ෂ හෝ සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අසත්‍ය ප්‍රකාශ කරන බවත් දෙදෙනාගෙන් එක් අයෙක් ඉදිරියේදී සී .අයි .ඩී ගෙනියන බවත් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසිය.
ඊයේ (15දා) පස්වරුවේ මාතර , වැලිගම නගර ශාලාවේ පැවති ජන හමුවකට සහභාගිවෙමින් ඔහු මේ බව පැවැසීය.
‘‘ අපේ සෞඛ්‍ය ඇමතිනිය කියනවා මේ කොරෝනා ව්‍යවසනයේදී ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මුදල් හම්බ වෙලා නැහැ භාණ්ඩ විතරයි හම්බවෙලා තියෙන්නේ කියලා. එතකොට මේ ඇමතිනියමයි ජුලි 11දා ප්‍රකාශ කළේ මෙරටට ජාත්‍යන්තර සෞඛ්‍ය සංවිධානයෙන් ලැබුණේ ඩොලර් මිලියන 1.9 යි කියලා.
ඒ සංවිධානයේ කොළඹ කාර්යාලයත් ඒ වගේ නිවේදනයක් පිටකරා. අද කියනවා භාණ්ඩ හම්බවුණා කියලා , එදා කියනවා ඩොලර් මිලියන 1.9 ක් ලැබුණා කියලා. ජුලි 3දා අගමැතිවරයා කැබිනට් පත්‍රිකාවක් මගින් ප්‍රකාශ කරනවා ලංකාවට සමිපුර්ණයෙන්ම ඩොලර් මිලියන 252 ක් හමිබවෙනවා , එකෙන් ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 128 ක් පොරොන්දුවෙලා තියෙනවා , දැනට 45% ක් දැන් ලැබිලා තියෙනවා කියලා.
තව යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 20 ක් දෙනවා කියලා කියනවා. සෞඛ්‍ය ඇමිතිනී කියනවා මුකුත් හමිබ වුණේ නෑ කියලා. මං අහන්නේ බොරු කියන්නේ කවුද? සෞඛ්යඇමිතිනියද? අගමැතිතුමාද? අපිට සෞඛ්‍ය දේපාර්තමේන්තුව අවිශ්වාස කරන්නත් බැහැ. ඒ නිසා මට කියන්න කවුද බොරු කියන්නේ . මෙහෙම අවස්ථාවක අපිට බැරිද ඇමතිවරයෙක් තියාගන්න , හැමදාම අවධානය යොමු කරන කෙනෙක්.
මම රජයෙන් අහනවා මේ ලැබුණ මුදල් වලට මොනවද කළේ කියලා, නැත්නම් කියන්න කවුද බොරු කියන්නෙ කියලා. අගමැතිතුමා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව හරිද නැතිනම් පවිත්‍රා වන්නිආරචිචි ඇමිතිනි කියන ප්‍රකාශය හරිද?
ඒ අය මට ආයේ පිළිතුරු දෙන්න බෑ කිවුවා මේ ගැන. මොකද පිළිතුරු දෙන්න බැරි නිසා . ඒ නිසා මම ආණ්ඩුවෙන් නැවත අහනවා අගමැතිතුමා කියන එකද හරි සෞඛ්‍ය ඇමතිනිය කියන එකද හරි දෙන්නගෙන් එක්කෙනෙක් මම සී.අයි.ඩී. එකට ගෙනියනවා. එච්චරයි මට කියන්න තියෙන්නේ."

popular news
-
Gamarala Thursday, 16 July 2020 04:51 PM
This man is a mongel butterfly. First he must tell whats happend to the hambantota port money and central bank issue
Reply : 0 2
ranil Thursday, 16 July 2020 05:43 PM
pissuda netnam hatida.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
