අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ වැය ශිර්ෂය සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති යෝජනාවේ නිතිමය වශයෙන් ගැටලු තත්ත්වයන් ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවැසීය.
මේ පිළිබඳව පක්ෂ නායක රැස්වීමේදී තමන් කථානායක කරු ජයසූරිය මහතාට දැනුම් දුන් බවත් ඒ අනුව ආණ්ඩුවද ඒ සම්බන්ධයෙන් නීතිය ඉදිරියට යන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
එසේම අදාළ යෝජනාව සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබාගන්නා ලෙස කථානායකවරයාට දැනුම් දුන් බවත් ඔහු ඒ අනුව කටයුතු කරන බවත් කථානායකවරයා සඳහන් කළේ යැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
එසේම මෙම යෝජනාවෙන් ඔවුන් ආණ්ඩුවක් ඇති බව පිළිගෙන ඇති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.