අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමක් කොළඹ 07 මල්පාරේ පිහිටි අග්රමාත්ය කාර්යාලයේදී අද (29දා) දහවල් පැවැත්විණි.
මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් සමඟ පැවැත්වූ ප්රථම දේශපාලන සාකච්ඡාව මෙය විය.
මෙම රැස්වීමට එක්වූ පාර්ලිමේන්තු මන්ත්රී බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ එක්සත් ජාතික පාක්ෂිකයන් ඇතුළු සියලු රටවැසියන්ට ප්රචණ්ඩත්වයෙන් තොරව ඉතාම සාමකාමීව ආරක්ෂාව සැලසීමට මන්ත්රීවරුන් මැදිහත්ව කටයුතු කරන ලෙසට මහින්ද රාජපක්ෂ මහතා පක්ෂ නායකයන්ගෙන් හා මන්ත්රීවරුන්ගෙන් ඉල්ලා සිටි බවයි.
ජනතාව කුපිත කිරිම සඳහා විවිධ කුමන්ත්රණකාරී වැඩසටහන් තිබෙන බැවින් අලුත් ආණ්ඩුවට සහයක් වශයෙන් නිරායුද අහිංසක ජනතාව ආරක්ෂා කරන ලෙසට අගමැතිවරයා ඉල්ලා සිටි බවද මන්ත්රීවරයා පවසා සිටියේය.