Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
‘ඉන්දියානු සාගරය අපගේ ආනාගතය නිර්වචනය කිරීම’ යන මැයෙන් විශේෂිත අන්තර්ජාතික සමුළුවක් අද (11 දා) උදෑසන අරලියගහ මන්දිරයේදී ආරම්භ වූ අතර, දෙදින සමුළුවක් ලෙස පැවැත්වෙන මෙම සමුළුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මුල පිරීමෙන් සිදුවන්නකි.
මෙහි ආරම්භක සැසිවාරයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සමාරම්භක දේශනය පැවැත්වීමට නියමිතව තිබුණු අතර, සමුළුවට ඒ මහතා සහභාගී වී සිටි නමුත් ප්‍රධාන වේදිකාවට පවා නොපැමිණ සිටියේය.
නිවේදිකාව විසින් පසුව දැනුම් දෙනු ලැබුවේ ජනාධිපතිවරයාට විශේෂ වැඩකටයුත්තක් යෙදී ඇති බැවින් සහා ශාලාවෙන් පිටත්ව යෑමට සිදුව ඇති බවයි. පසුව ජනාධිපතිවරයාට වේදිකාවේ වෙන්කර තිබූ අසුනට විපක්ෂනායක ආර්. සම්බන්ධන් මහතාට පැමිණෙන ලෙස ආරාධනා කෙරුණි. ඔහුද නොපැමිණි අතර නිවේදිකාව සමාව ආයාචනා කරමින් එම අසුන සඳහා කථානායක කරූ ජයසූරිය මහතාට ආරාධනා කළාය.
ලක්ෂ්මන් කදිරගාමන් ආයතනයේ අධ්යක්ෂ ගනේෂන් විග්නරාජා, විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන යන අයගේ පිළිගැනීමේ කතාවෙන් හා අරමුණ පැහැදිලි කිරීමේ කතාවෙන් පසු ප්‍රධාන දේශනය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකරනු ලැබීය.
අග්‍රාමාත්‍යවරයාගේ දේශනාව සිදුවන අතරතුර ජනාධිපතිවරයා සභාවෙන් නික්ම ගිය අතර, ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයාට තමන් පිටව යන බවට සංඥා කළ අතර, දේශනාව මදකට නතර කළ අග්‍රාමාත්‍යවරයා හිස සොලවා ජනාධිපතිවරයාගේ සංඥාවට පිළිතුරු දුන්නේය.
මෙහිදී නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා වේදිකාව තුළ එහාට මෙහාට ගමන් කරමින් සමුළුව සාර්ථක කර ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරන අයුරු දක්නට ලැබුණි.
මේ සඳහා නිකුත් කළ මාධ්‍ය නිවේදනයේද දැක්වූයේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමාරම්භක දේශනය පැවැත්වීමට නියමිත බවයි.
popular news
Daham Thursday, 11 October 2018 12:40 PM
මෙහෙම කොහොමද රට පාලනය කරන්නේ . හනේ අපොයි !!
Reply : 0 1
Champa Thursday, 11 October 2018 02:27 PM
මේ වගේ රඟපෑම් රනිල්ට විරුද්ධ විශ්වාස භංග යෝජනාව ගෙනාපු දවස් වලත් තිබ්බ. රනිල්ට මිනිස්සු කැමති නැති නිසා මෛත්‍රී ලොකු උත්සහයක් ගන්නවා පෙන්නන්න එයා දැන් රනිල් එක්ක නැහැ කියල. හැබැයි ඇත්ත කතාව නම් රනිල් කොහොමත් ද්‍රෝහියෙක් බව මිනිස්සු දන්නවා. 2002 ආණ්ඩුව කාලේ රනිල් කොටින්ට රට පාවා දුන්න. දැනුත් එහෙමයි. යූඑන්පී ඇමතිවරු ඔක්කොම කොමිස් ගහනවා. හැම දේම කරන්නේ ධනපතියන්ට. බොරුවට පෙන්වනවා දුප්පත් මිනිස්සුන්ට අරක මේක කරනවා කියලා නමුත් දුප්පතාට දෙනදෙයිනුත් කවුරු හරි තමන්ගේ ව්යපාරිකයෙක්ට ගානක් අරන් දෙනවා. මේවා යූන්පි ආණ්ඩුවක සහජ ලක්ෂණ. අලුත් දේවල් නෙමෙයි. ඒකයි පහුගිය අවුරුදු 20කටම යූඑන්පී ආණ්ඩුවක් හදා ගන්න බැරිවුනේ. රටයි ජාතියයි හමුදාවයි පාවා දෙන්න රනිල්ට බලය අරන් දුන්නේ මෛත්‍රී. දැන් පව් හෝදගන්න හදනවා. ඒ වුනාට දෙන්නගෙන් විශ්වාසයක් තියන බැරි කවුද කියලා හව්වොත් ඕනේ කෙනෙක් කියයි මෛත්‍රී කියලා. රනිල් ඊළඟ චන්දෙට ඉදිරිපත් වෙන්නේ නැහැ. පරදින බව දන්නවා. වෙන කවුරු හරි දායි. හැබැයි මෛත්‍රී උත්සහයක් ගන්නවා තමන් හරි ගෝඨාභය හරි නැත්නම් දැන් අලුත් විදිහට බැසිල් හරි චන්දෙට දාල තමන්ගේ ඉදිරි පැවැත්ම හදා ගන්න.
Reply : 1 2
Champa Thursday, 11 October 2018 02:43 PM
දැන් භාරකාර ආණ්ඩුවක් ගැන කතාවක් හදල නිසා ඒකට ගැලපෙන විදිහට හැසිරෙනවා. එක පාරට මෙහෙම කතාවක් ආවේ ඇයි? කලිනුත් මේක කිව්වා ආපහුත් කියනවා. මහින්ද ආපහු මිනිස්සු අතරට යනකොට, මිනිස්සු ආපහු මහින්ද ගැන කතා කරන කොට, මහින්දගේ පරණ චන්දදායකයෝ මහින්දගේ ගුණ වයන කොට කොටින්ම මහින්ද ආපහු spotlight එකට එනකොට මෛත්‍රී කලබල වුනා. බැසිල් ගෙන්නුවේ භාරකාර ආණ්ඩුවක් හදන්න නෙමෙයි. බැසිල් ආවේ මහින්දගේ limelight එක dim කරලා මහින්දගේ ලකුණු කපල spotlight එක මෛත්‍රී පැත්තට හරවල දෙන්න. මේක කරන්න හොඳම විදිහ සහ මහින්දගේ credibility එක නැති කරන්න හොඳම විදිහ තමයි මෛත්‍රී එක්ක භාරකාර හෝ සභාග ආණ්ඩුවක් හදනව කියලා කියන එක සහ මහින්ද මෛත්‍රී හමුවක් හොරෙන් තියල පස්සේ ඒක පත්තර වලට leak කරන එක. ඇත්තටම මේ තුන් දෙන හම්බ වුන. ඊට පස්සේ මහින්ද කලබල වෙලා එහෙම එකක් නැහැ කිව්වා. මහින්ද නැහැ කියන කම් ඉඳල පස්සේ බැසිල් පිළිගත්තා එහෙම හමුවීමක් වුනා කියල හැබැයි එයා විතරක්. ඒක බොරුවක්. හම්බ වුනේ තුන් දෙනාම. මෙහෙම කරපු පලවෙනි වතාව නෙමෙයි. මේ දෙන්න මහින්දට මීට කලිනුත් මේවා කරලා තියෙනව. හැබැයි එකම වලේ මහින්ද ආපහු ආපහු වැටෙනවා.
Reply : 1 0
Champa Thursday, 11 October 2018 02:57 PM
Plan එක මහින්දගේ විතරක් නෙමේ ඒකාබද්ධ විපක්ෂය ගැනත් මිනිස්සුන්ගේ තියෙන විශ්වාසය බිඳ වට්ටන එක. බලන්න පසුගිය සතියේ දෙකේ ඒකාබද්ධ විපක්ෂේ මන්ත්‍රීවරු දිගට හරහට ආණ්ඩුව පහර ගැහැව්වා. ආණ්ඩුව මස්තබාල්දු වෙලා කිව්වා. රට අරාජික වෙනවා කිව්වා. ඒ කියපු දේවල් ටික මිනිසුන්ගේ ඔළුවට වැටෙන කොට, දිගට හරහට වදින කොට මෛත්‍රී කලබල වුන. ඒ හින්ද ඒකාබද්ධ විපක්ෂේ ආණ්ඩුවට පහර දීම නවත්තන්න හොඳම විදිහ මෛත්‍රී එක්ක භාරකාර ආණ්ඩු කතාව සහ ඒකාබද්ධ විපක්ෂෙට මුකවාඩමක් දමන්න හොඳම මිනිහ බැසිල්ව පාවිච්චි කළා. දැන් බලන්න ගිය සතියේ ආණ්ඩුව මස්තබාල්දුයි දාල ගෙදර යන්න කියපු මහින්දයි ඒකාබද්ධ විපක්ෂෙයිම මේ සතියේ කියනව අර කියපු මස්තබාල්දු ආණ්ඩුවත් එක්ක එකතු වෙලා (නැතුව තනියම බැහැනේ) තමන්ම දුර්වලයි කියපු, ඉන්නේ කන් කඩා වැටිලා, යන්නේ හොම්බෙන් කියපු මස්තබාල්දු ආණ්ඩුවයි මස්තබාල්දු මෛත්‍රියි එක්ක භාරකාර ආණ්ඩුවක් හදනවා කියලා. මිනිස්සු confuse වෙන්නේ නැත්ද? මේක තමයි මෛත්‍රීගේ උවමනාව. මේක තමයි 2015 වුනෙත්. මේක තමයි
Reply : 1 0
Champa Thursday, 11 October 2018 03:19 PM
මේක තමා 2015 කලෙත්. මහින්ද ගැන මිනිස්සු අතරේ විචිකිච්චාවක් හැදුව. මිනිස්සු මහින්දට වඩා මෛත්‍රි හොඳයි කියල චන්දෙ දීල එක දවසෙන් පසුතැවුණ. මිනිස්සුන්ට මෛත්‍රිව එපා වුනේ එක දවසෙන්. එදා මිනිස්සුන්ට එපා වෙච්ච මෛත්‍රී එක්ක, තමන්ව පරද්දපු මෛත්‍රී එක්ක භාරකාර ආණ්ඩුවක් හදනව කියලා මහින්දම කියනකොට මිනිස්සු හිතනවා මේ මොකක්ක්ද කියලා.මේ ආණ්ඩුව පෙරලන්න හැමෝම එකතු වෙන්න ඕනෙලු. ඒක විපක්ෂේ වගකීමලු. හැබැයි එහෙම පෙරලන්න එකතු වෙන්න හදන්නෙත් පෙරලන්න හදන ආණ්ඩුවම එක්ක. :D :D :D Sorry හිටපු ජනාධිපතිතුමා හිනාවෙනවට. හැබැයි පේනවා නේද? මේ වැඩෙන් ඇත්තටම පහර වදින්නේ ඔබට. මිනිස්සු confuse වෙන්නේ ඔබ ගැන. නැතිවෙනවා නම් නැතිවෙන්නේ ඔබේ credibility එක.මේක සැලසුම් කරලා කරන දෙයක්. තේරෙන්නේ නැත්ද අනේ. වැටෙනවා කියල ඔහොමත් වලවල වැටෙනවද? ඔහොම ගිහින් ගිහින් මිනිස්සුන්ට එපා වෙලා චන්දපොලට නෑවිත් ඉඳියි කොහොමත් එකයි කියලා. පලාත්පාලන මැතිවරණෙදී JVPඑකට චන්ද වැටුනේ, පොඩි ගානක් නෙමේ ලක්ෂ 7ක් වැටුනේ, මේ ආණ්ඩුවට විරුද්ධ නමුත්, තමන්ගේ චන්දෙ බැසිල්ගේ පොහොට්ටුවට දෙන්න මිනිස්සු අකමැති වෙච්ච නිසා මිසක් JVP එකට කැමති නිසා නෙමේ. කැඩුනේ ඔබේ චන්
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd