සමෘද්ධි සහනාධාරය මාතලේ දිස්ත්රික්කයේ ප්රතිලාභින්ට ලබා දිමේදි නියම සුදුස්සන්ට ලබා දි නොමැති බවත් එය ලබා දිමේදි දැඩි අසාධාරණයක් සිදුව ඇති හෙයින් අගමැති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (15දා) පැවති උත්සවයට සහභාගි නොවී වර්ජනය කළ බව මාතලේ දිස්ත්රික් පාර්ලිමෙන්තු මන්ත්රිනි (එ.ජා.ප) රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය පැවසුවාය.
වසර 2030 වන විට දිළිදුබවින් තොර ශ්රි ලංකාවක් උදෙසා සමාජ සවිබලකරණයේදි වත්මන් රජයේ යෝජනාවක් අනුව මාතලේ දිස්ත්රික්කයේ ප්රතිලාභින් 5450 කට සමෘද්ධී සහනාධාර හිමිකම් ප්රදානය අගමැති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ මාතලේ එඩ්වඩ්. ක්රිඩාංගණයේදී පැවැත්විණි.
“මේ සමික්ෂණ කමිටු ඔක්කොම කළේ සමෘද්ධි සංවර්ධන නිලධාරින් හා ආර්ථික සංවර්ධන නිලධාරින් ඇතුළු පසුගිය ආණ්ඩුවේ පත්විම් ගත්ත පිරිස්. මේ අය කරන්නේ නියම අයට දෙන එක නෙවෙයි. මම මේ පිළිබදව අපේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්විමේදි පවා කිව්වා.
සමෘද්ධි සහනාධාරය ලබා දීමේදී දුප්පත්කම පසෙකලා එක්සත් ජාතික පාක්ෂිකයින් බැවින් එම පිරිසට සමෘද්ධිය ලබා දීම වළක්වා තියෙනවා. අවුරුදු 24ක් තිස්සේම වුණෙත් ඔය දේමයි. අපිට ඡන්දය දීපූ මිනිස්සුන්ට සුදුසුකම් තිබිලත් නිලධාරීන් විසින් සමෘද්ධිය නොදෙනවානම් මම එතනට යන්නේ ඇයි?
මේ රටේ ජනතාව මහන්සිවෙලා හම්බ කරන මුදල් දුප්පත් ජනතාවට දෙන්නේ. ඇයි මෙහෙම පක්ෂ භේදයක් මේකට ගාවා ගන්නේ. අගමැතිතුමාටත් වැරදි තොරතරු තිලා තියෙන්නේ. සමෘද්ධිය කියන්නේ තනිකර මාෆියාවක්. මම පාක්ෂික ජනතාව වෙනුවෙන් ඕනැම කැපකිරිමක් කරන්න ලැස්තියි”
මාතලේ මහේෂ් කිර්තිරත්න