අගමැති සමග සාකච්ඡාව සාර්ථක බව වරාය වෘත්තීය සමිති කියයි
- 2 08 2020
- 12:11
- {{hitsCtrl.values.hits}} views
- ..
කොළඹ වරායේ වෘත්තීය සමිති ක්රියාමාර්ගය සම්බන්ධයෙන් අද (02දා) අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ තංගල්ලේදී පැවැති සකච්ඡාවෙන් සාධනීය පිළිතුරක් ලැබුණු බව කොළඹ වරායෙ වෘත්තීය සමිති එකමුතුව කියයි.
වරාය සේවකයන්ගෙ ඉල්ලීම් සම්බන්ධයෙන් අද තංගල්ල කාල්ටන් නිවෙසේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමඟ කොළඹ වරායේ වෘත්තීය සමිති 14කට අයත් නියෝජිතයන් පිරිසක් සාකච්ඡා කළහ.
මෙම සාකච්ඡාවෙන් සාධනීය පිළිතුරක් ලැබුණුුු බවද වෘත්තීය ක්රියාමාර්ගය සම්බන්ධයෙන් වරායේ වෘත්තීය ක්රියාමාර්ගයේ නිරත සාමාජිකයන් සමඟ සාකච්ඡා කර තීරණයක් ගන්නා බවද එම නියෝජිතයෝ පැවසූහ.
අනීෂා මානගේ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
