වත්මන් රජයේ දූෂණ අක්‍රමිකතා සෙවීම සඳහා පත්කළ ජනපති කොමිසම හමුවේ අද පෙරවරුවේ පෙනී සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට අද (16දා) පස්වරුවේ යළිත් එහි පෙනී සිටින ලෙස කොමිසම විසින් දන්වා තිබේ.
වර්තමාන රජයේ දූෂණ හා අක්‍රමිතා සෙවීම සඳහා පත්කළ ජනපති කොමිෂම හමුවේ සාක්ෂි ලබාදීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ එම කොමිෂම හමුවට පැමිණියේය.
කෘෂිකර්ම අමාත්‍යාංශයට රාජගිරියේ පෞද්ගලික ගොඩනැගිල්ලක් කුලී පදනම මත ලබාගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් සිදුවන විමර්ශනවලට අදාළව අග්‍රාමාත්‍යවරයා එම කොමිෂමට පැමිණ තිබේ.