Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු විශාල පිරිසක් එම පක්ෂයෙන් ඉවත්ව තිබේ. ඔවුන් ඉදිරියේදී ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ යටතේ මැතිවරණ සඳහා එක්වීමට නියමිතය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද දිනයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත්තේය.
popular news
Champa Sunday, 11 November 2018 01:57 PM
හා හා හා හා හා ඒ කියන්නේ හිටපු ජනාධිපතිතුමා තවදුරටත් අගමැති නෙමෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙන් අයින් වෙච්ච හින්ද තවදුරටත් අගමැති තනතුරේ ඉන්න බැහැනේ. ඉල්ලා අස් වෙන්න ඕනේ. ඒ මොකොද අගමැති විදිහට පත් කලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෙක් විදිහට මිසක් පොදු ජන පෙරමුණේ සාමාජිකයෙක් විදිහට නෙමෙයි. මම හිතන්නේ නැහැ ජනාධිපතිතුමා ඔබතුමාව තවදුරටත් ඔතන තියයි කියලා. මිනිහට කොකා පෙන්නුවා කියලා හිතනවා නම්, එයත් අනිත් පැත්තට දෙයි. ඒ මොකොද කිව්වා නම් දැන් දෙන්න අතරේ අවබෝධයක් නැහැනේ. දැන් ජනාධිපති ඔබතුමාව අගමැති කමෙන් අස් කරයි SLFP නොවෙන නිසා. එහෙම කරල ඔය අගැමති කමට SLFP සාමාජිකයෙක් වෙන නිමල් සිරිපාල හරි වෙන කාව හරි පත් කරයි. හැබැයි මම ඕක කිව්වා වෙන බව. එහම නැත්නම් පරණ තරහ මරහ අමතක කරලා "අලුත් සතුරාට" මුහුණ දෙන්න හිතයි. මම දන්නා විදිහට නම් මෛත්‍රිපාල සිරිසේන කියන්නේ තමන්ට මොනව හරි කරපු කෙනෙක්ට නිකම් ඉන්න දෙන කෙනෙක් නෙමෙයි. දැන් අර පත් කල ඇමතිවරු ඒ ගොල්ලොත් පක්ෂ මාරු කරලා නම් ඒ ගොල්ලන්වත් අස් කරයි. අනික ඔය විසුරවා හැරීම වැරදියි. ඕක ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසි වෙන්න ඕනේ. දැන් ඔබතුම ඉල්ලා අස් වෙන්න.
Reply : 3 5
Champa Sunday, 11 November 2018 02:13 PM
ජනාධිපති පාර්ලිමේන්තුව විසිරුවා හැරීම ව්‍යවස්ථා විරෝධියි කියලා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව දුන්නහම, පාර්ලිමේන්තුව ඒ විදිහටම තියෙනව. ඒ කියන්නේ නැවත රැස් වෙනවා. හැබැයි ඔබ ඇතුළුව පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්ත හැමෝගෙම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය මේ මොහෙතේම මෛත්‍රී අයින් කරයි. මිනිස්සුන්ට වැරැද්දක් කියන්න බැහැ. එතකොට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ආවහම ඔබට පාර්ලිමේන්තු ආසනේ අහිමි වෙනවා. ඒ විතරක් නෙමෙයි පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්ත අනිත් හැමෝටමත් පාර්ලිමේන්තු ආසන අහිමි වෙනවා. ඒ මොකොද කිව්වා නම් ඔබ සහ ඒ පිරිස තවදුරටත් SLFP සාමාජිකයන් නොවෙන නිසා. මෛත්‍රීට දැන් නිල බලයෙන්ම අයිතියක් තියෙනව මනාප ලයිස්තුවේ ඊළඟට ඉන්න මිනිස්සුන්ව පාර්ලිමේන්තුවට පත් කරන්න. ඊට පස්සේ ඔබ දේශපාලනයෙන් ඉවත් වෙනවා. හිටපු ජනාධිපතිතුමා, ඔබ කාගේ ලනුවද ඔය කෑවේ? බැසිල්ගේද? මම ගොඩක් සැරයක් ඔබට කියල තියෙනව ඔබව දේශපාලනයෙන් අයින් කරන්න කුමන්ත්‍රණයක් තියෙනව කියලා. පාර්ලිමේන්තුව විසුරුවීම බැලු බැල්මටම ව්‍යවස්ථා විරෝධියි කියලවත් ඔබට හිතුනේ නැති එකනේ පුදුමේ. දැන් පාර්ලිමේන්තුවේ ආසන අහිමි වෙන අය වෙනුවට එන හැමෝම මෛත්‍රීගේ මිනිස්සු. ඔබේ නෙමෙයි.
Reply : 3 4
Champa Sunday, 11 November 2018 02:30 PM
ඒ විතරක් නෙමෙයි, විමල් ඇතුළු UPFA එකේ ඉඳල අයින් වෙලා පොහොට්ටු සාමාජිකත්වය ගත්ත හැමෝගෙම පාර්ලිමේන්තු ආසන අහිමි වෙනවා. වෙනත් විදිහකට කියනව නම් මුළු ඒකාබද්ධ විපක්ෂයේම පාර්ලිමේන්තු ආසන අහිමි වෙනවා. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථා විරෝධියි කියලා ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වහම තරු පෙන්නේ ඕගොල්ලන්ට මිසක් මෛත්‍රීට නෙමෙයි. ඒ මොකොද කිව්වා නම් පාර්ලිමේන්තුව නැවත රැස් වුනහම ඒකාබද්ධ විපක්ෂේ කාටවත් පාර්ලිමේන්තුව ඇතුලට එන්න බැහැ ඇයි දැන් ඉන්නේ පාර්ලිමේන්තුව නියෝජනය කරපු පක්ෂේ හෝ සන්ධානයේ නොවෙන නිසා. අනික පොහොට්ටුව කොහොමටත් 2015 චන්දෙට ඉල්ලුවේ නැහැනේ. ඒ හින්දා ඒකාබද්ධ විපක්ෂේ හැමෝම ගෙදර යනවා. ආපහු පාර්ලිමේන්තු එන්නේ 2020 සැප්තැම්බර්. නරක නැහැ ඕගොල්ලන්ගේ මොලේ. අනේ ඇත්තට මම හිතුවේ යූඑන්පී MPs රනිල්ව ගෙදර යවන්න. දැන් ගෙදර යන්නේ හිටපු ජනාධිපතිතුමා, විමල්, ගම්මන්පිල, දිනේෂ්, වාසු, ඇතුළු ශ්‍රී ලංකා දේශපාලනයේ දල ඇත්තු, සිංහයෝ ටික. මට හිනහත් යනව. මම කීයටවත් හිතන්නේ නැහැ මෛත්‍රී ඕගොල්ලන්ට සමාවක් දෙයි කියලා ඔය කරපු වැඩේට. ඕගොල්ලන්ට අමතක වුනාට හැන්ද තියෙන්නේ මෛත්‍රී අතේ. පොල් කට්ට තියෙන්නේ ඕගොල්ලන්ගේ අතේ.
Reply : 2 3
Champa Sunday, 11 November 2018 03:14 PM
ඇත්තටම නිමල් සිරිපාල නෙමෙයි, මෛත්‍රී පත් කරයි මහින්ද අමරවීරව. මට මතකයි එහෙම කතාවක් දවසක කිව්වා. ඊළඟ අගමැති දකුණෙන් කියලා. දැන් මෙහෙමයි වෙන්නේ. ඔන්න බලන්න වෙන්නේ මෙන්න මෙහෙම. UNP/ JVP/ TNA උසාවි ගියපුවහම, ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව දෙනවා මෛත්‍රීගේ පාර්ලිමේන්තුව විසිරුවා හැරපු gazette එක බල රහිත කරලා. ඒ මොකොද ඇත්තටම ඒක ව්‍යවස්ථා විරෝධී නිසා. මිනිස්සුන්ට විශ්වාසයි අධිකරණය. ඊට පස්සේ පාර්ලිමේන්තුව නැවත රැස් වෙනවා. දැන් මහින්ද විමල් ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ 50ම පොහොට්ටුවේ සාමාජිකයන් නිසා පාර්ලිමේන්තු ආසන අමිහියි. මෛත්‍රීට අස් කරන්න දේකුත් නැති තරම්. හැබැයි දැන්මම ලියුම් යවයි. එතකොට මෛත්‍රී මැතිවරණ කොමිසමට කියනවා ඊළඟට මනාප ලයිස්තුවේ ඉන්න මිනිස්සුන්ව පත් කරන්න කියල හෝ සමහරවිට නම් දෙයි. ඊට පස්සේ මෛත්‍රී TNAමුස්ලිම් parties වලට කියනව දැන් මහින්ද නැහැ ඒ හින්දා එයාගේ පැත්තට චන්දෙ දෙන්න කියලා. ඊට පස්සේ මෛත්‍රීට ආසන තියෙයි 130ක් විතර. ඒ කියන්නේ රනිල් ඉවත් කිරීම හැබෑ වෙනවා. ඊට පස්සේ තනි SLFP ආණ්ඩුවක් හැදෙනවා. මෛත්‍රී මහින්ද අමරවීරව අගමැති කරනවා. One Mahinda’s loss is another Mahinda's gain.
Reply : 2 3
Champa Sunday, 11 November 2018 03:25 PM
ඔන්න මම කිව්වා කියලා හිතා ගන්න මෛත්‍රී මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා. ඒ මොකොද කිව්වා නම් දැන් මෛත්‍රී ජාත්‍යන්තරයේ හෑල්ලුවට ලක් වෙලා තියෙන්නේ. මේක කරපු ගමන් මිනිහ ආපහු "ජාත්‍යන්තරය දිනා ගන්නවා." ඊටත් වඩා ජාත්‍යන්තරය කැමති වෙයි මහින්ද පාර්ලිමේන්තුවේ නැති එකට. ඒක අපි හැමෝම දන්නා දෙයක්. පෙන්වා නේද දේවල් කැරකිලා එන හැටි නොහිතු විදිහට. හිටපු ජනාධිපතිතුමා දිවුරුම් දීල කියලා දැක්කට පස්සේ මම කිව්වා I love to see him as the PM, but there will be unexpected backlash. මෙහෙම දෙයක් මම හිතුවේ නැහැ හැබැයි මහින්ද අගමැති වීම too good to be true වගේ කියලා මට හිතුන ඒකයි මම කිව්වේ ඕක වැඩිකල් තියෙන්නේ නැහැ කියල. දැන් මොකොද වෙන්නේ? මෛත්‍රී ජනවාරි ජනාධිපතිවරණ චන්දෙ තියන්නේ නැහැ. අවුරුද්ද අග තියල ආපහු ඉල්ලයි. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාරයෝ එයාට චන්දෙ දෙයි. ඒ මොකොද කිව්වා නම් අගැමතිත් ශ්‍රීලනිප ජනාධිපතිත් ශ්‍රීලනිප. මහින්ද පොහොට්ටුවේ. එයාගේ අපේක්ෂකයා කවුද මම දන්නේ නැහැ. හැබැයි කලෙක ඉඳන් කියන විදිහට ලේසි වෙන්නේ නැහැ වැඩේ. ගොඩක් ශ්‍රීලනිප චන්ද කැඩෙනවා. බැසිල්ට "මාර" මොලේ නේද? කෑව මහින්දව.
Reply : 2 2
Champa Sunday, 11 November 2018 06:22 PM
තව විශේෂ දෙයක් කියන්න තියෙනවා ආණ්ඩුවක් හදනවා නම්. ඒ කියන්නේ සුළු පක්ෂ එකතු කරන් බහුතරය පෙන්නුවට, ඒගොල්ලෝ එක්ක ආණ්ඩුවක් හදන්න බැහැ. මහින්දගේ පත්වීම නීත්‍යානුකූල කිව්වට ඔය හඳපානේ හදපු ආණ්ඩුව සහ කැබිනට් එක නීත්‍යානුකූල නැහැ කියලා මම කිව්වේ ඒකයි. 19A අනුව මැතිවරණයෙන් කිසිම තනි පක්ෂෙකට බහුතරය පෙන්වන්න බැරි කොට, 19 ව්‍යවස්ථාව විසින් ආණ්ඩු කරන්න නියම කරලා තියෙන්නේ වැඩිම seat තියෙන පලවෙනි සහ දෙවෙනි දේශපාලන පක්ෂ එකතු වෙලා ජාතික ආණ්ඩුවක් හදන එක. ඔය ආණ්ඩුවේ ඉන්න TNA MP නීත්‍යානුකූල නැහැ. UNP එකට පුළුවන් නඩුවක් දාන්න. වෙන විදිහකින් කියනවා නම් මීට කලිනුත් බොහෝ සැරයක් කිව්වා වගේ 2015 අගෝස්තු චන්ද ප්‍රතිඵල අනුව කරන්න පුළුවන් එකම දේ ජාතික ආණ්ඩුවක් හදන එක. ඒකත් UNP එක එක්ක විතරයි. බහුතරය SLFP/UPFA එකට නම් ඒ පැත්තෙන් අගමැති කෙනෙක්. බහුතරය UNP නම් රනිල් ඇර වෙන කෙනෙක් දාන්න බැහැ ඒ මොකොද 2015 මැතිවරණයේ චන්ද ප්‍රතිඵල අනුව වැඩිම seat ගනනක් තියෙන තනි පක්ෂේ පක්ෂ නායකයා රනිල් නිසා. හොඳට කියවල බලන්න. "Single Party" කියල තියෙන්නේ ව්‍යවස්ථාවේ. .
Reply : 2 2
Don Sunday, 11 November 2018 07:56 PM
මහින්ද, පුතා,සහෝදර සමාගම,Jo -kers ල සිරිසේනට භයවෙලා SLFP එක විසුරුවාවි කියල
Reply : 2 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd