අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද (19දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය.
ඔහු සමග මෙම සංචාරය සඳහා දූත පිරිස ලෙස තවත් 08 දෙනෙකු ද සහභාගී වී සිටියහ.
මෙම පිරිස උදෑසන 6.17 ට ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 189 දරණ ගුවන් යානයෙන් බංග්ලාදේශයේ ඩකා නුවර බලා පිටත්ව ගියහ.
බංග්ලාදේශ නිදහස් උත්සවය ඇතුළු උත්සව කිහිපයකට එක්වීම සඳහා අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ශ්රී ලංකා දූත පිරිස මෙසේ එරට බලා පිටත්ව ගොස් තිබුණි.