අගමැතිවට විශ්වාසභංගයක් ගෙන ආ යුතු පිළිවෙළක් තිබෙන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.
"මේක තමයි අපි කිව්වේ නිවරුදිව ස්ථාවර නියෝග අනුව පාර්ලිමේන්තුව ගෙනි යමු කියලා. ඒ අනුව පාර්ලිමේන්තුවට යෝජනාව ගෙන ආ හැකි වන්නේ සභානායකතුමත්, සංවිධායකතුමත් දැනුම් දීම තමයි පිළිවෙත. එය ආපසු හැරවීමට උත්සාහ කිරීම ස්ථාවර නියෝග හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවට පටහැනියි.
අපි කථානායකට කිව්වා අගමැති අස්කරනනත්, පත්කරන්නත් බලය තියෙන්නේ ජනපතිටයි කියලා. ඒ බලය නෑ කියන්න විපක්ෂයේ කවුරුවත් කිව්වේ නෑ.
ඔවුන් කිව්වේ බහුතරය ඔවුන්ට තිබෙනවා කියලයි. අග්‍රාමාත්‍යවරයාට විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ යුතු ආකාරයක් තිබෙනවා."