රනිල් වික්‍රමසිංහ මහතා අගමැති තනතුරින් ඉවත් කිරීම ක්ෂණිකව ගත් තීරණයක් නොවන බවත්, ඔහුගේ වැඩපිළිවෙළ නිසා අගමැති තනතුරින් ඉවත් වන ලෙසට අවස්ථා ගණනාවකදීම දන්වා තිබූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා සඳහන් කළේය.
ඔහුගේ පාලන කාලය තුළදී ආර්ථිකය කඩාවැටුණු අතර, ඒකපුද්ගල ආදායම පහත වැටුණු බවත්, මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට අවස්ථා 08කට ආසන්න ප්‍රමාණයකදී ඉල්ලීම් කර තිබූ බවද ඔහු පවසා සිටියේය.
රනිල් වික්‍රමසිංහ මහතාට තනතුරින් ඉවත් වන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුලින්ම පෞද්ගලිකවම පවසා තිබූ බවත්, කථානායක කරු ජයසූරිය මහතාට අගමැති තනතුර භාරගන්නා ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැන්වූ බවත් ඒ මහතා සඳහන් කළේය.
මීට අමතරව සජිත් ප්‍රේමදාස, රංජිත් මද්දුම බණ්ඩාර මහත්වරුන් සහ එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් මණ්ඩලයම කැඳවා අගමැති තනතුරට පුද්ගලයෙකු පත් කර ගන්නා ලෙසට දැන්වූ බවද හෙතෙම පවසා සිටියේය.
අද (01) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව කී එස්.බී. දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම කැඳවා රනිල් වික්‍රමසිංහ මහතා අගමැති තනතුරින් ඉවත් කරන ලෙසට මන්ත්‍රී කණ්ඩායමෙන් බහුතරයක් තමාට ප්‍රකාශ කර ඇතැයි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම දැනුවත් කළ බවයි.