අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරයේදී ඉන්දීය ආරක්ෂක ප්‍රධානීන් හමුවීමට අවශ්‍ය බවට විශේෂ ඉල්ලීමක් අග්‍රාමාත්‍ය කාර්යාලය විසින්ඉන්දීය රජය වෙත යොමුකළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.අග්‍රාමාත්‍යවරයාගේ ඉන්දීය සංචාරය හෙට (19දා) දිනයෙන් ඇරඹෙයි.
ඉන්දීය රහස් ඔත්තු සේවය වන 'රෝ' සංවිධානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කරන බවට සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන්ඉන්දීය රජයේ ඉහළ ආරක්ෂක ප්‍රධානීන් සමග සාකච්ඡා කිරීමට අවශ්‍ය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් දන්වා ඇති අතර, ඒ අනුව මෙම විශේෂ ඉල්ලීම සිදුකර ඇත.
තමන් ඝාතනය කිරීමට 'රෝ' ඔත්තු සේවය කටයුතු කරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැබිනට් මණ්ඩලයේදී ප්‍රකාශ කළ බවට 'ද හින්දු' පුවත්පත මගින් අනාවරණය කෙරිණි.
'ද හින්දු' පුවත්පත පළකළ එම පුවත උපුටා දක්වමින්මෙරට මාධ්‍යයද එය පළකර තිබිණි. ඒ අනුව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඝාතනය කිරීමට 'රෝ' ඔත්තු සේවයේ කුමන්ත්‍රණයක් තිබේදැයි ඉන්දීය ආරක්ෂක ප්‍රධානීන් සමගඍජුව සාකච්ඡා කිරීමට අවස්ථාව දෙන ලෙසද අගමැතිවරයා ඉන්දීය රජයෙන් ඉල්ලීමක් කර තිබෙන බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
ඉන්දීය සංචාරයේ න්යායපත්රය මේ වන විට සකස් කර තිබුණද, ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඝාතනය කිරීමට කුමන්ත්‍රණයක් පවතින බවට පළවූ ප්‍රකාශය හේතුවෙන් මෙම විශේෂ ඉල්ලීම සිදුකළ බවද හෙතෙම සඳහන් කළේය.