ඉන්දායාවේදී මියගිය බව කියන සංවිධානාත්මක අපරාධකරුවෙක් වෙන මද්දුම ලසන්ත පෙරේරා නොහොත් අංගොඩ ලොක්කාගේ මරණය තහවුරු කර ගැනීම සඳහා ඔහුගේ ළඟම ඥාතියෙකුගේ ඩී.එන්.ඒ. සාම්පලයක් යොමුකරන ලෙස ඉන්දියාව ශ්‍රී ලංකාවට දැනුම් දී තිබේ.
පසුගිය අගෝස්තු මාසයේදී අංගොඩ ලොක්කා ඉන්දියාවේ කොයිම්බතූර්හිදී මිය ගිය බවට තොරතුරු වාර්තා විය.
එසේ මියගොස් ඇත්තේ අංගොඩ ලොක්කාමදැයි තහවුරු කර ගැනීම සඳහා ඉන්දීය ජාතික විමර්ශන එ්කකය ලංකාවේ පිහිටි ඉන්ටර්පොල් ඒකකයට මෙසේ ඩී.එන්.ඒ. සාම්පලයක් යොමුකරන ලෙස දැනුම් දී තිබේ.
මේ අනුව අංගොඩ ලොක්කාගේ සමීපතම ඥාතියෙකුගේ රුධිර සාම්පලයක් ලබාගනිමින් එයින් ඩී.එන්.ඒ. සාම්පලයක් ලබාගෙන ඉන්දියාවට යොමුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.