එහිදී සතියේ දින පහ තුළම ශ්‍රේණි 5ක් සඳහා පමණක් සිසුන් පාසලට කැඳවීමට නියමිතය.
5,10,11,12 සහ 13 යන ශ්‍රේණි සඳහා පමණක් සතියේ දින පහ තුළ ම පාසල් පැවැත්වෙනු ඇත.
1,2,3 සහ 4 යන ශ්‍රේණි සඳහා පාසල් පවත්වනු ලබන්නේ සතියට එක් දිනක් පමණි.
එසේම පාසල්වල ශිෂ්‍ය සංඛ්‍යාව පදනම් කරමින් සිසුන් පාසලට ගෙන්වා ගැනීමට ද තීරණය කර තිබේ.
සිසුන් 200 ට අඩු පාසල් සඳහා අගෝස්තු මස10 වනදා සිට සියලුම ශ්‍රේණි ආරම්භ කෙරෙයි.
එහිදී ළමුන් 200ට වැඩි ප්‍රාථමික පාසල් සඳහා පළමු ශ්‍රේණිය සහ 5 වන ශ්‍රේණිය සඳුදා දිනයේත්, 2 වන ශ්‍රේණිය සහ 5 වන ශ්‍රේණිය අඟහරුවාදා දිනයේත්, 3 වන ශ්‍රේණිය සහ 5 වන ශ්‍රේණිය බදාදා දිනයේත්, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල 4 සහ 5 වන ශ්‍රේණි සඳහා පාසල් පැවැත්වීමටත් නියමිතය.
මේ අතර සිසුන් සංඛ්‍යාව 200 ට වැඩි ද්විතීක පාසල් සඳහා සඳුදා දිනයේ 6 වන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වාත්, අඟහරුවාදා දින 7 වන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වාත්, බදාදා දින 8 ,10,11, 12 හා 13 වන ශ්‍රේණිය දක්වාත්, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල 9 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා පමණක් පාසල් පැවැත්වෙයි.
මෙහිදී පාසල් කාලයේද යම් වෙනසක් සිදුව ඇති අතර 6 සිට 9 ශ්‍රේණිය දක්වා උදෑසන 7.30 සිට දහවල් 1.30 දක්වා පාසල් පැවැත්වෙන අතර 10 සිට 13 වැනි ශ්‍රේණිය දක්වා පෙරවරු 7.30 සිට පස්වරු 3.30 දක්වා පාසල් පැවැත්වෙයි.