මෙරටට අවශ්‍ය මිරිස් මෙරට නිෂ්පාදනය කර ගැනීම සදහා දියත් කර ඇති මිරිස් වගා කීරිමේ ව්‍යාපෘතිය යටතේ නාවලපිටිය ගලබොඩ වතුයායේ අක්කර සියයක මිරිස් වගාවේ අස්වැන්න නෙලිම අද (26දා) කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණ.
මෙරට වාර්ෂික මිරිස් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 5000ක් වුවද මෙරට නිෂ්පාදනය කරනු ලබන මිරිස් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 50ක් පමණයි. මෙනිසා මිරිස් ආනයනය සදහා වාර්ෂිකව විශාල මුදල් ප්‍රමාණයක් පිටරටට ඇදී යාම වලක්වා මෙරට මිරිස් අවශ්‍යතාවය මෙරටදීම නිෂ්පාදනය කර ගැනිම සදහා පියවර ගන්නා ලෙස තමන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දුන් බව අමාත්‍යවරයා පවසයි
“ හෙක්ටයාර් 3000 ක මිරිස් වගා කිරිමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා. මේ අතර ජනවසමට අයත් ආර්ථික ඵලදායිතාවක් නොමැති ගලබඩ වතුයායේ අක්කර සියයක් වතුකරයේම දමිළ තරුණයින් සියදෙනෙකු වෙත බෙදා දී මිරිස් වගාව ආරම්භ කළේ ආදර්ශ වගාවක් ලෙසයි.
දමිළ තරුණ පිරිසද ඉතා උනන්දුවෙන් මිරිස් වගාවට යොමු වී පලමු අක්කර සියයතුල වගාව සාර්ථක කරගැනීම හේතුවෙන් ගලබඩ වත්තතේ තවත් අක්කර සියයක මිරිස් වගාවක් ආරම්භ කිරිමට මා සැළසුම් කර තියෙනවා.” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.