ඇදිරි නීති බලපත්‍රයක් නොමැතිව අකුරැස්සේ සිට ශ්‍රි පාදස්ථානය දක්වා යාමට පැමිණි අකුරැස්ස ප්‍රාදේශිය සභාවේ සභාපති මුණිදාස ගමගේ මහතා ඇතුළු තවත් සිවුදෙනෙක් අද (03) දින මස්කෙළිය මවුස්සාකැලේ පොලිස් මුරපොළේදි සැකපිට අත්අඩංගුවට ගත් බව මස්කෙළිය පොලීසිය පැවසිය.
ලොරි රථයකින් ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා සහ සභාපතිවරයාගේ හිතවතුන් යැයි පවසෙන සිවුදෙනා අද දින පස්වරු 1 ට පමණ මස්කෙළිය මවුස්සාකැලේ පොලිස් මුරපොළ පසු කර යාමට ලොරි රථය ධාවනය කිරිමේදි එම පොලිස් මුරපොළේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරින් ලොරි රථය පරික්ෂා කිරිමේදි එහි ගමන් ගත් කිසිවෙකුටත් ඇදිරි නීති බලපත්‍රයක් නොමැති බවට තහවුරු විමෙන් පසු ලොරි රථයේ ගමන් ගත් සියලු දෙනා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානමත් සමග පුජනිය ස්ථාන වැද පුදා ගැනිමට යාම සෞඛ්‍ය අංශ විසින් තහනම් කර ඇති අතර , ශ්‍රි පාදස්ථානයටද හැටන් මාර්ගය ඔස්සේ වන්දනාකරුවන්ට සහ සංචාරකයන්ට ගමන් කිරිම නල්ලතන්නිය පොලීසිය විසින් පවත්වා වසංගත තත්ත්වය මත තාවකාලිකව නතර කර ඇත.
සභාපතිවරයා ඇතුළු අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් සිවුදෙනා ගමන් ගත් ලොරි රථයේ තිබි ගමන් මලු කිහිපයක්ද පොලිස් භාරයට ගෙන ඇත.
ඇදිරි නීති බලපත්‍රයක් නොමැතිව අකුරැස්ස ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා සහ තවත් සිවුදෙනෙක් අකුරැස්සේ සිට මස්කෙළිය දක්වා ආරක්ෂක අංශවල අවධානය යොමු නොවි පැමිණ ඇති බවයි මස්කෙළිය පොලීසිය කියා සිටියේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.